ලයිට් පැය 12ක් කපන්න වෙයි – බන්දුල

Power Interruption Schedule ceb pucslයෝජිත විදුලි බිල වැඩි කිරීම ඉක්මනින් කළ නොහැකි වුණොත් පැය 10ක් හෝ 12ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විදුලි උත්පාදනය කිරීමට රජය සතුව ප්‍රමානත්වත් මුදල් නොමැති බවද මුදල් සොයා ගැනීමට නොහැකි වූවොත් නැවතත් පැය දහයක් හෝ දොලහක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ද ප්‍රකාශ කරන ඒ මහතා ජනතාව අන්ත අසරණ තත්ත්වයකට වැටීම වැළැක්වීම සඳහා විදුලි බිල වැඩි කළ යුතුයැයි ප්‍රකාශ කරයි.

ජනවාරි මාසයේ දී විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු සඳහා බිලියන 38ක් වියදම් කර ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා තවදුරටත් එසේ කිරීමේ හැකියාවක් රජයට නැති බවද ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ තවදුරටත් ණය ලබාගත නොහැකි බැවින් විදුලි ගාස්තු ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්