රාජපක්ෂලාට කඩේ ගිය අජිත් වසර 4ක් ඇතුලට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3 ක දඩයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (24) නියම කර ඇත.

මේ අනුව මෙම නියමකරන ලද දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුව අමතරව තවත් මාස හයක සිරදඬුවම් ලැබෙනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙසේ නියම කර ඇති අතර පසුගිය කාලයේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දැඩිව කටයුතු කළ අජිත් ප්‍රසන්න ඔවුන් වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ නොයේකුත් ප්‍රකාශ නිකුත් කරනු ලැබීය. අද ඒවා වෙනුවෙන් ඔහුට සිරබත් කන්නට සිදුවී ඇත.

Social Sharing
නවතම පුවත්