මුල්ලි වයික්කාල් දිවුරුම් දීම උතුරු ජනතාව රැවටීමක්ද?

අගොස්තු විසි වෙනිදාට ඇත්තේ තවත් දින තුනකි. අගෝස්තු 20 අපට වැදගත් වනුයේ නව රජයේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය ඒදිනට ආරම්භ කෙරෙන බැවිනි. ඒමෙන්ම ඒ දිනට සියලුම නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේය.

නමුත් ඒ් දිවුරුම් දීමට කලින් උතුරේ පක්ෂ දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගිය සතියේ මුල්ලි වයික්කාල් අනුස්මරණ භූමියේදී දිවුරුම් දුන්නේය. ඒ් කේ.වී විග්නේශ්වරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රිවරුන් වන ගජේනන්ද්‍රන් හා සෙල්වරාසාය.

මෙය උතුරේ මිනිසුන් රැවටීමක් බව උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂක නායක කේ. තලවරාසා පවසයි.

ව්‍යාජ ජාතිකවාදය ගැන කතා කරන අය මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් ජනතාව රැවටීම දිගටම කරගෙන යන බව ඔහුගේ අදහසය.

ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන් මුල්ලිවයික්කල්ගේ ශුද්ධ භූමිය අපකීර්තියට පත් නොකරන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

මුල්ලි වයික්කාල් යනු අවසාන සටනේදී දිවි පිදු පුද්ගලයින් අනුස්මරණය කරන පූජනීය ස්ථානයකි. එවැනි පූජනීය ප්‍රදේශයක ඔවුන් ගේ ආත්මාර්ථකාමී දේශපාලනය සඳහා  භාවිතා කිරීම පිළිගත නොහැකිය. මෙය විශේෂයෙන් මිනිසුන් රවටා ගන්නා ක්‍රියාවක් ලෙස දකින බවද ඔහු පවසයි.

Social Sharing
නවතම