නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති බවද, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ නාමල් යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින්ම බව ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කරයි.

එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කරයි:

“ගෝඨාභයගේ ජය පවුලේ අය හිතුවේ මහින්දගේ ජනප්‍රියත්වය නිසා ලැබුන එකක් කියලා. ඒ නිසා එයාලා එයාලගේ කොටස් තමයි දැක්කේ. ඒක ගන්න තමයි මුල ඉඳලා ට්‍රයි කළේ. ඒනිසා එයාලා පාලනයට අතපොවන්න තීරණය කරනවා. එහෙම තීරණය කරලා තමයි පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් විදිහට පත් කරන්නේ. ඊළඟට 2/3කේ අයිතිය කෙළින්ම ලබාගත්තේ බැසිල් රාජපක්ෂ. ඉතිං බැසිල් හිතනවා 2/3 අරං දුන්නේ මම, ඒ නිසා මට පුලුවන් වෙන්න ඕනී මේ පාර්ලිමේන්තුව කන්ට්‍රෝල් කරන්න කියලා.

මට ජනාධිපතිවරයා දුන්න පොරොන්දුවක් තමයි 20 පාවිච්චි කරලා බැසිල් රාජපක්ෂ කවදාවත් පාර්ලිමේන්තු ගේන්නේ නෑ කියන දේ. හැබැයි ඔහු පාර්ලිමෙන්තු ආවා විතරක් නෙවෙයි ඔහු මුදල් ඇමතිත් වුණා. රට බරපතළ මූල්‍ය අවුලක තිබුණ වෙලාවක ඔහුට ඒක කලමණාකරණය කරගන්න හැකියාවක් නොතිබුණ වෙලාවක ඔහු මුදල් ඇමති කරපු එකෙන් ප්‍රශ්නය උග්‍ර වුණා. ඒකට කෙළින්ම හිටපු ජනාධිපති වඟකියන්න ඕනී. මනෝහර සහ ගෙවිඳු ඉස්සරහා ජනාධිපතිතුමා මට පොරොන්දු වුණා වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් ගේනවා, ඒකේ මේ ද්විත්ව කතාව අහෝසි අකරනවා කියලා. ඒත් ඒක පොරොන්දුවක් විතරක් වුණා. ඒක නේ මට තියෙන ප්‍රශ්නය. රාජපක්ෂලාට ආයෙත් මේ රටේ දේශපාලනය කරන්න බැරි වුණේ මේ මුග්ද මෝඩ තීරණ නිසා.

ගෝඨා අපේක්ෂකත්වය ලබාගන්න දවසේ, මම ඔහුට කීවා ලලිත් ඉස්සරහා, මම ආයෙත් ඔබගේ ආරාධානාවක් නැතිව එන්නේ නෑ කියලා. නාමල් රාජපක්ෂගෙන් යෝෂිත රාජපක්ෂගෙන් බරපතළ විරෝධයක් තිබුණා මට. එයාලා හිතුවා මම ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂලාගෙන් ගලවලා වෙන පාරක ගෙනියන්න හදනවා කියලා. ඒකයි වුනේ. ඔව් මම ඒක කළා.

ගෝඨා ගෝ ටැග් ලයින් එක හැදුවේ රාජපක්ෂ පවුල. ඒක පවුලේ කොන්සෙෆ්ට් එකක්. ඒක වට්සප් කවයකට මුලින්ම දැම්මේ යෝෂිත රාජපක්ෂ. ඒකට හේතුව ගෝඨා පවුලේ කැබිනට් පේපර්ස් ප්‍රතික්ෂේප කළා. කොන්ත්‍රාත් නැවැත්තුවා. ඒත් පීබී අයින් වෙනකොට අනුර දිසානායක තමයි ඒ තනතුරට ගන්න හැදුවේ ජනාධිපතිතුමා. ඒත් පවුල ඒකට ඉඩ දුන්නේ නෑ. ගාමිණි සෙනරත් ජනාධිපති ලේකම් කරන තැන තමයි මේ පවුලට ජනාධිපති පාලනය කරන්න තිබුණ අවශ්‍ය තාවය හොඳටම පෙනුන තැන.

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ. ඔහු ගන්ධබ්බ බිහිවීමක්. කොනක් හොයාගන්න බෑ ඔහුට. මුදල බලය ද්‍රව්‍ය මූලික දේශපාලනයක් තමයි ඔහුට තියෙන්නේ. දරුවන් දූෂිතයි පවුල දූෂිතයි කියන චෝදනාවෙන් නාමල්ට ගැළවෙන්න බෑ”

Social Sharing
නවතම පුවත්