හිරුණිකා පුරපති සටනට..!

 

සමගි ජන බලවේගය විසින් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කරනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම අපේක්ෂකත්වය සඳහා මුලින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් වන්නට අදහස් කළත් ඔහු මෙම තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්විය යුතු අතර ඔහු යම් හෙයකින් එලෙස ඉදිරිපත් වුණහොත් ලැයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හට පාර්ලිමේන්තුවේදී සහාය ලබා දෙනු ඇතැයි යන විශ්වාසය මත සජබ නායක සජිත් ප්‍රේමදාස මුජිබර්ගේ ඉල්ලීමට එකඟ වී නැත.

මෙම තත්ත්වය මත කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සඳහා ඇය එකඟ බවද වාර්තා වෙයි.

 

Social Sharing
නවතම පුවත්