නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට

 

යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර පරණ ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතරදී මෙම අනතුර සිදුව තිබේ.

යානයේ ගමන් ගත් මගීන් 68 දෙනා අතර ළමුන් 6 ක් සහ විදේශිකයන් 15ක් සිට ඇත.

නේපාල ජාතිකයන් 53 ක්, ඉන්දියානු ජාතිකයන් 5 ක්, රුසියානු ජාතිකයන් 4 ක්, කොරියානු ජාතිකයන් 2 ක් සහ ආර්ජන්ටිනා, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශ යන රටවල එක් ජාතිකයකු බැගින් ගුවන් යානයේ ගමන් කර ඇතැයි යේටී ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මුදවා ගැනීමේ මෙහෙයුම් හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සිදුවන බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නේපාල බලධාරීහු පෙන්වා දෙති.

 

(ලංකාදීප )

Social Sharing
නවතම විදෙස්