දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිකාරය හෙවත් සේනාධිනායකයාට පාස්කු විදිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිමට නියමකර තිබේ. වගකීම හා වගවීම කර අරිමින් සිටි පඹයෙකුට නමුත් ගැලවිමක් නැති බව මෙයින් ඔප්පුවේ. මේ මුදල ගෙවීම සිරිසේන පවුලට මහ කජ්ජක් නොවනු ඇත. පස් අවුරුද්දක් ජනාධිපතිකාරයාව සිටි සිරිසේන දිගු කාලයක් කෘෂිකර්ම ඇමතිවී සිටියේය. හිටපු ඇමති සරත් අමුණුගම ස්වකිය ජීවිත කතාවේ කියන ආකාරයට ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරු පෝර සමාගම් විසින් පෝෂණය කරන්නෝය. නඩත්තු කරන්නෝය. සිරිසේනට ගෙවීමට ඇති වන්දිය අනුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය මුළු ගණන 270 ලෙස ගණන් ගත්තෝත් වහාබියන් මරා දැමු එක් මනුශ්‍යයෙකුට සිරිසේන ගෙවන වන්දිය රුපියල් 370370ක් පමන වේ. මේ මුදල තුවාල ලැබූවන්ට ද ගෙවීමට සිදුවුවහොත් එය ලක්ෂ 02ක් දක්වා අඩුවන්නේය.

1992 දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නිතීඥ විජේදාස ලියනාරච්චි මරා දැමීමේ නඩුවේ දී එහි වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් තිදෙනාට වින්දිතයා වෙනුවෙන් රුපියල් 80000ක වන්දියක් ගෙවීමට නියම කළේය. අවුරුදු 30කට පසු ලංකාවේ මිනිස් ජීවිතයක වටිනාම රුපියල් ලක්ශ තුනකින් වැඩිවී තිබේ. එය යාල කැලේ අයිනේ අනවසර වගා බිම් අක්කරයක මිලකි. ලංකාවේ කිසිම නගරයකින් සොහොන් කොතක් තැනීමට වර්ග අඩි 10 ගැනිමට බැරි මිලකි. එහෙත් හිටපු ජනාධිපතිකාරයාට වගකීම පැවරී තිබේ. ඊළඟ චන්දයේදී සිරිසේන පවුල ගිවිසුමක් ගසා පොලොන්නරුවේ රජ පවුල හැටියට තාත්තා, දෝණියන්දෑ හා පුත්‍රයා යන තිදෙනා හෙලිකොප්ටරයකින් පාර්ලිමේන්තුවට ඇවිත් මේ මුදල ගෙවා දමනු ඇත.

-නන්දන වීරරත්න-
13/01/2023

Social Sharing
නවතම විශේෂාංග