දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරේ දිවුරුම් දෙයි.

නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් (T.N.P.F) මලිවයික්කල් සිට සිය දේශපාලන ගමන ඊයේ (15) ආරම්භ කර තිබේ.

ඒ් මුල්ලිවයිකල් අනුස්මරණ ක්‍රීඩාංගණයට පැමිණ දිවුරුම් දිමෙනි.

ඒ අනුව මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු සිය ගණනක් ආධාරකරුවන් සිය පැමිණ ඊයේ ගෞරව දැක්වීය.

එතැන් පටන් ඔවුන් දිවුරුම් දී  දේශපාලන ගමන ආරම්භ කර තිබේ.

පහුගියදා (13) දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ  K.V විග්නේශ්වරන් ද මෙම ස්ථානයට පැමිණ දිවුරුම් දී තිබුණි. මොවුන්ට දිවුරුම් දීමට තිබුණේ අගොස්තු 20 දා පාර්ලිමේන්තුවේදිය.

ඊයේ දින සිදු කෙරුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට  වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශවලින් බස් රථ වලින් ගෙනැවිත් තිබු බවද පැවසේ.

Social Sharing
නවතම