චීනයේ කොවිඩ් යළි ඉහළට

 

අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ.
ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන් ප්‍රාන්ත වැසියන්ගෙන් 90%කටම කොවිඩ් ආසාදනය වී ඇතැයි, තහවුරු වීමත් සමගයි.

හෙනන් ප්‍රාන්ත සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ කැන් කොන්ෂෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය ජනවාරි 6 වැනිදා වනවිට පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89.0% ඉක්මවා සිටි බවයි.

මිලියන 99.4ක ජනගහනයක් වෙසෙන එහි මිලියන 88.5කට පමණ මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය කොවිඩ් මාරයාට තිත තැබීමේ අරමුණින් වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මකවුවත් ආර්ථීකයට මරු පහරක් වූ කොවිඩ් සීමා ලිහිල් කිරීමට, නිරෝධායන සහ කොවිඩ් පරීක්ෂණ සඳහා තිත තැබීමට පසුගිය මාසයේ ගත් තීරණයෙන් පසුව මෙලෙස චීනයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබීම විශේෂත්වයකි.

මේ අතර ඉරිදා සියලුම ජාත්‍යන්තර ​සංචාරකයින්ගේ පැමිණීම් සඳහා අනිවාර්ය නිරෝධායනය ඉවත් කර අර්ධ ස්වයං පාලන දකුණු හොංකොං නගරය සමග එහි දේශසීමා ද විවෘත කිරීමට චීනය තීරණය කළේ ය.

කෙසේ වෙතත් මේ මස අගදී චීනය අලුත් අවුරුද්ද සමරන විට කොවිඩ් ආසාදිතයින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මිලියන ගණනක් නගරවල සිට ගම්බද ප්‍රදේශවලට සිය ඥාතීන් බැලීමට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

පසුගිය සතියේ නිල දත්ත පෙන්වා දී තිුබණේ, දෙසැම්බර් මස මුලදී කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු චීනයේ පුද්ගලයින් 120,000කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඉන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවත් ය.

කෙසේ චීනයේ මෙම කොවිඩ් මරණ සම්බන්ධයෙන් වන දත්ත පිළිබඳ ඇත්තේ, මතභේදාත්මක තත්ත්වයකි.

 

(newsfirst)

Social Sharing
නවතම විදෙස්