ජාතික ජන බලවේගය පොල්පිතිගමින් වැඩ අරඹයි

පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

කොට්ඨාශ තිහක් සඳහා සභිකයින් 130 දෙනෙකු තෝරාගැනීමට මෙම නිළවරණය පැවැති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ කොට්ඨාශ 25ක් සඳහා තරඟ කර එයින් කොට්ඨාශ 23ක ජය තහවුරු කරගෙන ඇත. ඒ අනුව සමස්ථ ඡන්ද ප්‍රථිපලය අනුව ජවිපේ නියෝජිතයන් 130න් 94ක් ජයග්‍රහනය කර ඇත.

මෙහිදී ඉතිරි සභිකයන් ප්‍රමානය සමගි ජන බලවේගය 20ක් සහ පොදුජන පෙරමුණෙන් 16ක් ලෙස බෙදී ගොස් ඇත.

Social Sharing
නවතම පුවත්