අද විපක්යෂට ශක්තිමත් නායකයෙක් නෑ! – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

විපක්ෂයට මේ අවස්ථාවේ ශක්තිමත් නායකයෙකු නැති බවත් එවන් අවස්ථාවක විපක්ෂය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා එක පුදුමයට කරුණක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මම හැමදාමත් කියන ජේ. ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාවෙන් බිහිවුණු නව ඡන්ද ක්‍රමය යටතේ පළමු වතාවට එක පක්ෂයකට තුනෙන් දෙකක ඡන්ද බලය ලැබී ඇති බවත් දැන් එය ලොකු දෙයක් ලෙස ඒ පාර්ශවය එය පෙන්නුම් කරන බවද ඇය පවසයි.

නමුත් සැබවින්ම මෙය විශ්ලේෂණය කර බලන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස හත අටකට පෙර ජනාධිපතිවරණයෙන් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වැඩිය මෙවර පොහොට්ටු පක්ෂය අරන් ඇත්තේ ලක්ෂ දෙකක් අඩුවෙන් බවද හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි. තුනෙන් දෙක ලැබී ඇත්තේ බහුභූත ඡන්ද ක්‍රමය නිසා හා විපක්ෂය දුර්වල නිසා බව ඇය පවසයි.

මේ රටේ පැරණිම, ප්‍රජාත්‍රන්ත්‍රවාදය ආරක්ෂා කරපු පක්ෂ දෙකම විනාශ වී අවසන් බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කටයුත්ත රාජපක්ෂවරු ආරම්භ කිරීමේන් පසු සිරිසේන අවසන් කළ අතර නමුත් තවමත් මම ඒ පක්ෂය කොහේද කියා සොයනවා යැයිද ඇය පවසයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයද කැඩි ගොස් සී සී කඩ ඇති බව ඇය පෙන්වා දෙයි.

රාජපක්ෂ මහතාගේ දර්ශනය, ක්‍රියාකලාපය, එදාත් අදත් ප්‍රතික්ෂේප කරන කරන බවත් නමුත් ඔහු ශක්තිමත් නායකයෙක් යැයි ඇය කියයි.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැදී වැඩී ජීවත් වූ බවත් ඒ නිසා තමන්ගේ කාලයේ  එහි වෙනස්කම් රාශියක් සිදු කරමින් පක්ෂය ආරක්ෂා කිරීමට හැකි වු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම