බිත්තර ලක්ෂ 50ක් ඉන්දියාවෙන්..!

ලංකාව තුළ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එලබෙන සතියේ අග වනවිට ලංකාව වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 50ක ප්‍රමානයක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන බවද එම බිත්තර තොගය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට එක බිත්තරයක් රුපියල් 40කට අඩු මුදලකට මුදාහරිනු ලබන බවත් වාර්තා වෙයි.

මෙම බිත්තර ආනයනය කිරීම ගැන අදහස් දක්වන මෙරට බිත්තර ව්‍යාපාරිකයන් පවසන්නේ මේ ආනයනයන් හරහා මෙරට කුකුළු ගොවිපළ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බවයි. පවතින් ආර්ථික අර්බුදය හමුවේ කුකුල් කෑම මිල අධික ලෙස ඉහළ යෑම නිසා කුකුළු ගොවිපළ විශාල වශයෙන් වැසෙමින් ඇතැයි ද බොහෝ මිනීසුන් මෙම රැකියාවෙන් ඉවත්ව යමින් ඇතැයිද මෙම තත්ත්වය මේ ආනයන ක්‍රියාවලිය නිසා උග්‍ර වෙනු ඇතැයි ද ඔවුන් ප්‍රකාශ කරයි.

 

Social Sharing
නවතම පුවත්