තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2023 ජනවාරි පළවෙනිදා සිට මෙම භාණ්ඩ වර්ග කිහිපය ආනයනය තාවකාලිකව අත් හිටවනු ඇත.

මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ටෝබරි ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, බිම්මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, පපඩම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, දුඹුරු නිවුඩු සහල් කුරක්කන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන, රට ඉඳි, කජු, සෝයා බෝචි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන, පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, ෂැම්පු, කොන්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන, සුවඳ විලවුන්, ඇඳුම්, අත් ඔරලෝසු, පාවහන්, ලෙදර් සහ රබර් ආශ්‍රිත නිශ්පාදන, සෙරමික් සහ මුළුතැන්ගේ උපකරණ ඇතුලත් ලැයිස්තුවක් මෙම අත්හිටුවීම තුළ අන්තර්ගත වෙනු ඇත.

අදාල සම්පුර්ණ ලයිස්තුව පහතින්…

https://drive.google.com/file/d/1oFTQNj6uwctxYXEjUeWURAp-qTsEUILM/view

Social Sharing
නවතම පුවත්