වසන්ත යළි බන්ධගාරයට..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව මුදලිගේ මහතා ජනවාරි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔහු අත්අඩංගුවට ගනු ලැබූයේ 2022 වසරේ දී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් මෙහෙයවූ බවට චෝදනා කරමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මුදලිගේ මහතා දින 140 කට වැඩි කාලයක් තිස්සේ රඳවාගෙන දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කෙරෙමින් තිබේ.

– නිව්ස්පීඩියා –

 

Social Sharing
නවතම පුවත්