රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට …!

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර ඊට අමතරව තවත් චෝදනා රැසක් ඔහුට විරුද්ධව ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වන ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රකාශ කරන්නේ මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. රජය වහාම මෙම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවය.

Social Sharing
නවතම පුවත්