ලබන වසරෙත් විඳුලි අර්බුධයක්

ගල් අඟුරු බලාගාර සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත්, ලබන වසරේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස කිහිපයක සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවය.

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු නොමැති වුවහොත්, මෙගාවොට් 900 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

 

(newsfirst)

Social Sharing
නවතම