TNA ජාතික ලැයිස්තුවට මන්ත්‍රීධුරය නම් කිරීම කුමන්ත්‍රණයක්ද?

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව පිලිබඳ ප්‍රශ්නයට තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඒ් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්  සම්පන්දන් මහතා කියයි.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අම්පාර දිස්ත්‍රික්කයෙන් අපෙක්ෂකයෙකු නම් කරනු ලැබුයේ ඉකුත් 09 දාය. ඒ් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කර පරාජයට පත් වු තවරාසා කලෙයි අරසන් මහතාවය. මෙම නම් කිරිම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා හා පක්ෂ සමාජිකයින් කිහිප දෙනෙකු ඒක්ව කළ සාකච්ඡාවකින් අනතුරුව සිදු කර ඇත.

නමුත් මෙම මන්ත්‍රීධුරය මාවෙයි සේනාධිරාජා මහතාට හිමි විය යුතු බවට අරසු කච්චි යාපනය දිස්ත්‍රික් ශාඛාව තීරණය කර ඇත.  ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන් මහතා පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයට මන්ත්‍රිධුරය දීම පිලිබඳ තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් නමුත් සන්ධානයේ සියලුම දෙනා ඒක්ව මෙම තීරණය ගත යුතුව තිබු බවය.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව මාවෙයි  සේනාධිරාජාට ලබා නොදි කලෙයාරසන්ට ලබා දී ඇත්තේ සම්බන්දන්, සුමන්තිරන් සහ ශ්‍රීධරන් යන දෙදෙනාගේ කුමන්ත්‍රණයක් නිසා යැයිද  කියනු ලැබේ.

මෙය  හා කිසිදු සම්බන්ධයක් නැති බව ආර්. සම්බන්දන්  ප්‍රකාශ කර තිබීමද  විශේෂත්වයක් වන අතර මෙය ඉදිරියේදී සන්ධානය දෙකඩ අර්බුදයකට යාමේ ලකුණක්දැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

– ශානිකා –

Social Sharing
නවතම