ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති

Ensuring food safety  current food crisis in sri lanka

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව ද එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Social Sharing
නවතම