සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපානය එකඟ වෙයි

පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භකිරීමට ජපාන රජය එකඟ වී තිබේ. මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජයේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයටතේ ආරම්භ වූ අතර, එය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාදෙන ව්‍යාපෘතියක් බවට පසුගිය කාලය පුරා රට තුළ මහත්කතාබහකට ලක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරයේදී ඔහු සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ව්‍යාපෘතියනැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වූ බවසන්ඩේ ඔබ්සර්වර්පුවත්පත පවසයි.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ජා සාර්ථකව නිමවීමෙන් පසු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම්ආරම්භ කරන බව ජපාන තානාපති Mizukoshi Hideaki මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් විජේවර්ධන මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා උපදේශන සේවා පිරිවැය මත රුපියල්මිලියන 5,978 පාඩුවක් රටට සිදුවී ඇති බව විගණකාධිපතිවරයා මෑතක දී නිකුත් කළ වාර්තාවකින් හෙළි කර තිබිණි.

මෙම ව්‍යාපෘතිය අදියර හතකින් ක්‍රියාත්මක වේ. පළමු අදියරට කොළඹ කොටුව සහ මාලඹේ අතර කිලෝමීටර් 15.8 දුම්රියමාර්ගයක් ඉදිකිරීම ඇතුළත් වන අතර අනෙක් අදියර බස්නාහිර මහා නගරය දක්වා ව්‍යාප්ත කෙරේ.

සම්පුර්ණයෙන්ම විද්‍යුත් ජාලය පොළව උන්නතාංශයේ සිට මීටර් 6ක් ඉහළින් ඉදි කෙරේ. මීට තොරතුරු තාක්ෂණ උද්‍යානය, මාලඹේ, තලාහේන, ලුම්බිණි විහාරය, ජාතික රෝහල, බොරැල්ල, කොටා පාර, රාජගිරිය, වැලිකඩ, සෙත්සිරිපාය, බත්තරමුල්ල, පාලම් තුන, රොබට් ගුණවර්ධන මාවත, කොළඹ කොටුව සහ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාන 16 කින් සමන්විත වේ.

(Newspedia)

Social Sharing
නවතම