අවු.5ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය

මෙරට අවුරුදු 5 අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහමධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි

එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව එම තොරතුරුඅනාවරණ වී ඇති බවයි.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව එහිසභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවයි.

ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරින් මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව එහිදි සාකච්ඡා වී තිබේ

එම කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නාක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවයි.

මේ අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ 80%ක් පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේඑම ක්ෂේත්‍රය බවත් එහිදී අනාවරණ වි තිබේ

(Newsfirst)

Social Sharing
නවතම