යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…

යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය.

එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් දැනුවත් කළ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චිබි (Denis Chibi), ජර්මනියේ තානාපති හොල්ගර් සූබර්ට් (Holger Seubert), නෙදර්ලන්ත තානාපති බොනී හොබච් (Bonnie Horbach), ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට්  (Jean-Francois Pactet) සහ රුමේනියානු තානාපති කාර්යාල දූත මණ්ඩල ප්‍රධානි වික්ටර් ටියුඩ්ජියා (Victor Tiudjia) යන මහත්ම මහත්මීන් සහබාගී වී තිබේ.

Social Sharing
නවතම