ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. නිසා අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත.

විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව ආරක්ෂකපවුරක් ඇති කිරීම අවශ්‍ය වී තිබේ

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ බිහි වූ නූතන දේශපාලන සංවිධාන අතරින් වැඩිම අනුවර්තනීව විභාවයක් ඇති සංවිධානයයි. පැරණි වාමාංශික පක්ෂ එහි ආරම්භක සාර්ථකත්වයෙන් පසු අහෝසි වී ගියේය. නමුත් ජවිපෙ එසේ නොවේ. ජවිපෙ මූලිකවශයෙන් අවධි තුනක් දැකිය හැකිය. 1989 දක්වා එය මූලික වශයෙන් ග්‍රාමීය තරුණ පිරිස්වල පැවැති කැරළිකාරී නැඹුරුවටනායකත්වය දුන්නේය.

සංවිධානාත්මක වශයෙන් විශාල විනාශයටකට මුහුණ පෑමෙන් පසුව එය යලි නැගිට්ටේ 1990 ගණන්වල අග වර්ධනය වූජාතිකවාදී නැඹුරුවේ මෘදු නියෝජිතයා ලෙසයි. 2004 දී එහි ඉහළම මැතිවරණ සාර්ථකත්වය ලැබූ එය රාජපක්ෂ ව්‍යාපෘතියේවර්ධනය හා අභ්‍යන්තර ඛණ්ඩන දෙකක් නිසා දුර්වල විය

දැන් නැවත වතාවක් එහි වර්ධනයේ නව අවධියක් ආරම්භ වී ඇති බව පෙනේ. ලංකාවේ දැනට ඇති වී ඇති තියුණු දේශපාලනඅර්බුදය තුළ කොළඹ අගනගරය හා අවට ඇතුළත් භූදේශපාලන අවකාශයෙන් පිටත, වෙනත් සුදුසු වචනයක් නැති නිසාග්‍රාමීයයනුවෙන් හැදින්විය හැකි භූදේශපාලන අවකාශය තුළ ඇති වෙමින් තිබෙන දේශපාලන රික්තය පිරවීමේ විභවයක්සහිත ප්‍රමුඛ දේශපාලන බලවේගය ලෙසයි. එය මා සිතන ආකාරයට ලංකාවේ මේ මොහොතේ දේශපානය තුළ ඉතා වැදගත්කාර්යයකි

නමුත් මේ කාර්යය ඉටු කිරීමේ දී ජවිපෙට බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුවේ. සිය ප්‍රතිවාදීන් සමග ගණුදෙනු කරන්නේකෙසේද යන්න ගැන ප්‍රඥාවන්ත දැක්මක් එයට නොමැති නිසාය

ජවිපෙ මේ මොහොතේ ප්‍රධාන ප්‍රතිවාදී බලවේගය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වටා සංවිධානය වී සිටින පැරණිපන්නයේ වාමාංශිකයින්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ අගනාගරික කලාපයේ දේශපාලනය තුළ වැදගත් බලවේගයක්ලෙස මතු වී ඇති අතර එය එයට ජවිපෙ සමග විසදාගත යුතු ගණුදෙනුද තිබේ. ජවිපෙට එසේමය. මෙහිදී මේ දෙපාර්ශවයමඅදහස්මය වශයෙන් දේශපාලනමය වශයෙන් බෙහෙවින් යල්පැන ගිය රෝමෑන්ටික් මාක්ස්වාදී අදහස්වල ගැලී සිටියද ජවිපෙ මේමොහොතේ ඇත්ත වශයෙන්ම පවතින නැඹුරුව මේ රොමෑන්ටික් මාක්ස්වාදය සමග පෑහෙන්නේ නැත.

ජවිපෙට සාමාන්‍ය ජනයාගේ දේශපාලන නැඹුරුතාවන්ට සංවේදී වීමට සිදුවී ඇත්තේ එය මූලික වශයෙන්ම මැතිවරණවාදීදේශපාලන බලවේගයක් නිසාය. පෙසප මැතිවරණ නැඹුරුවක් නැති නිසා පොදු ජනයාගේ දෛනික දේශපාලන අවශ්‍යතා වෙතසංවේදී වීමේ අවශ්‍යතාවයක් ඊට නැත. නිසා අයට යල්පැනගිය මාක්ස්වාදී ව්‍යාජෝක්ති කර තබාගෙන යාම දුෂ්කර නොවනවාපමණක් නොව සිය කාඩරය නඩත්තු කිරීමට ඒවා අවශ්‍යද වේ. නිසා අයට පහසුවෙන් ජවිපෙට විරුද්ධව මේ පැරණිමාක්ස්වාදී අවි වලින් පහර දීමට පුළුවන. ජවිපෙට අවිවලට මුහුණ දීමට නොහැක්කේ ජවිපෙ අවි කරගසාගෙන යන බැවිනි.

මැතිවරණ යනු පොදුජන දේශපාලනයේ වැදගත් අංගයකි. විප්ලවීය මාක්ස්වාදීන් මේ ක්ෂේත්‍රය අත් හැර දමා ඇත. යම්කිසිදේශපාලන ව්‍යාපාරයක් මැතිවරණ දේශපාලනයට පිවිසෙන විට ඊට උචිත ලෙස අනුවර්තනය වීමට සිදුවේ. එය බෙහෙවින්අන්තරාදායක ක්‍රියාවකි. ජවිපෙ අන්තරායට මුහුණ දෙමින් සිටී. පෙසප හා වටා සිටින වාමාංශිකයින් කරන්නේ මේඅනතුරුදායක ගූමිතලයට පිටින් සිට ජවිපෙට කෝචොක් දැමීමයි

මේ ප්‍රහාරයෙන් ජවිපෙ ආරක්ෂාකොට ජවිපෙ මැතිවරණවාදී ප්‍රෙව්ශය නිසා මාවතකට යොමු කිරීමට ඊට උපකාර කිරීම අත්‍යාවශ්‍යවේ.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Social Sharing
නවතම විශේෂාංග