ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිටට ගොස් එහි ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දක්වා තිබුණි. ඔහුගේ මෙම අදහස් දැක්වීම මාධ්‍ය ඔස්සේ පල වීමත් සමඟ ඒ පිලිබඳ විමර්ශනයක් පවත්වා වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කිරීමට ඊයේ (22) කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) නිශාන්ත සිල්වා මහතා ක්‍රියා කර තිබුණි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් කටයුතු…
Read MoreDay: February 23, 2021
RTI තොරතුරු ප්‍රමාද කරන නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග – කොමිසම කියයි!
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පවසයි. මෙවන් අවස්ථා බහුල නොවන නමුත්, පනත මගින් කොමිසම වෙත ලබා දී ඇති ව්‍යවස්ථාපිත බලය ප්‍රකාරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වන නෛතික ක්‍රියාපටිපාටිය හිතාමතාම නොසලකා හරිනු ලබන හෝ පැහැර හරිනු ලබන පාර්ශවයන් සදහා අපරාධ නඩු මගින්…
Read Moreදේශීය වශයෙන් මේවා ගැන හොයලා බැලුවනම් ජාත්‍යාන්තරයට යන්න අවශ්‍ය නැහැ! – රුකී ප්‍රනාන්දු (මානව හිමිකම් ක්‍රියාකාරික)
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා මාර්ග විදිහට වෙනත් ප්‍රතිරූපයක් මවමින් ඉන්නවා. ඇත්තටම මෙම වාර්තාවේ සඳහන් කරුණු වල ස්වරූපය කුමක්ද? මෙහි දී අපි කතා කරනවා ජිනීවාවල තියෙන ප්‍රධාන ආයතන දෙකක් ගැන. පළමුවැන්න මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ රටවල් 47 කින් සැදුම්ලත් කවුන්සිලයක්. එම සංවිධානයේ එහි සාමාජිකයින් වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නේ රටවල්වල සිටින ආණ්ඩු. දෙවෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
Read Moreදූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…
Read More