මුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!         

Post mortem in Anuradhapura halted due to corona bodies

කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…

Read More

රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!

185 petitions from estate employers against Rs. 1000 increase!

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…

Read More

Vadivel Suresh | බයිබෝස් දාන්න ගිහින් බෙල්ලයි මිරිකන්නෙ

Read More

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA

Dr Haritha Aluthge gmoa COVID

කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති ‌කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු…

Read More

මියන්මාර මාධ්‍යවේදීන්ගේ සටනට AMCA සහාය පළ කරයි.

anti-democratic actions in myanmar

මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන්  තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural association) පවසා සිටියි. මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් මේ  බව සඳහන් කර ඇත.  මෙහි සභාපති උපුල් ජනක ජයසිංහ හා ලේකම් පැතුම්…

Read More

මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!

The High Commissioner for Human Rights has come under pressure Michelle Bachelet

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර  එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…

Read More