”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ චෝදනා. මම සතුටු වෙනවා මට මේ වෙනකම් එහෙම චෝදනාවක් ඇවිත් නැහැ. මේකෙන් පස්සේ අද හවසට එහෙම චෝදනාවකුත් කරයිද දන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා මෙම අදහස් පැවසුවේ පසුගියදා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. මගේ වැඩ තහනම් කළාට පසු පොලිස් කොමිෂන් සභාව 2020 අප්‍රේල් මාසයෙදී නිර්දේශ …
Read MoreDay: January 28, 2021
පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!
අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. දෙවන පාසල් වාරය ආරම්භවී දින 15 ක පමණ කාලයක් ගත වී ඇතත් පාසල් නිල ඇදුම් හෝ වව්චරය තවම ලබාදී නැති බව පැවසූ ඒ මහතා කඩිනමින් එම කටයුත්ත සිදුකළ යුතු බව පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා. කොරෝනා වසංගතය එක්ක බහුතරයක් දෙමාපියන් දැඩි ආර්ථික අපහසුවකට පත්වෙලා ඉන්න…
Read Moreඅවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල් – නීතිඥ රමණි මුත්තේට්ටුවේගම
ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි. බන්ධනාගාර ලොකුම ප්රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මේ වන විට සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන සැකකරුවෙකුට කොවිඩ් ප්රශ්නය නිසා ඇප ලබා දුන්නත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වනතුරු බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි බවය. කොරෝනා පාවිච්චි කර රටම පාලනය කරන්න ඇතමුන් සිතා ඇතමුන්…
Read Moreරටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් කිසිසේත්ම නොවන බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම, බදු දීම සහ අලෙවි කිරීම යනු කාරණා තුනක් යැයි කී අමාත්‍යවරයා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නේ කුමන තීරණයක් ද යන්න පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නැතැයි ඊයේ (27) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම හා ව්‍යාපාරික වශයෙන් එය ගොඩනැගීම සිදුවිය යුතු යැයි කී අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ අදහස වන්නේ රාජ්‍ය සම්පත් අලෙවි නොකළ යුතුය යන මතය යැයි…
Read More