දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!

Appeals to President to release political prisoners

රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්  කර තිබේ. උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හය දෙනකුගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත යොමු කළ අභියාචනය මගින් ඔවුන් හෘදයාංගමව  ඉල්ලා ඇත්තේ සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙසයි. දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ මානසික තත්වය ආගමික නායකයන්ගේ හදවත් කම්පනයට පත් කර ඇති ආකාරයත් එමගින් දන්වා තිබේ. “දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් සහ ඥාතීන් අප වෙත පැමිණ කදුළු සලමින් කෙසේ හෝ ඔවුන්ව නිදහස්…

Read More

අගමැතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වේ!

Two prime ministers resign

කොවිඩ් 19 වසංගතය හමුවේ මුලු ලෝකයම සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකට පත්වය. බොහෝ රටවල් වල දෛනික වැඩ කටයුතු සියල්ල බිඳ වැටී තිබේ. මේ අතර කොරෝනා පාලනය කර ගැනීමට නොහැකි වීම  නිසා ඉතාලියේ අගමැතිවරයාටද ඉල්ලා අස් වීමට සිදු වීමේ පුවතක් ඊයේ (26) වාර්තා විය. ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා වෙත බාර දුන්නේ කැබිනට් මණ්ඩලය හමු වී සාකච්ඡා කිරීමෙන් පසුවය. කොන්ටේගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ජනාධිපතිවරයා සනාථ කළේය. හිටපු අගමැති මැටියෝ රෙන්සි ඉවත් කිරීමෙන් පසු 2018 වසරේදී ගුසෙප් කොන්ටේ අග්‍රමාත්‍යධුරයට පත් විය. යුරෝපා සංගමයේ ප්‍රතිසාධන අරමුදල් මුදල්…

Read More

බලෙන් දෙන්නේ නැහැ, කැමති අය විද ගන්න – ලලිත් වීරතුංග

Covid vaccine is not given by force, those who want to get the vaccine - Lalith Weeratunga

කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය බලෙන් එන්නත් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය. නමුත් එම ලේඛන වල නම් සඳහන් නොවන “Resident visa holders” ගැන මේ අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති නමුත් ඔවුන් පිළිබඳව කඩිනම් තීරණයකට පැමිණෙන බවය. ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. එම එන්නත් තොගය හෙට (28) දහවල් ඉන්දියන් ගුවන් යානක් මඟින් මෙරටට ගෙන ඒමට  නියමිතය.…

Read More

සුලු ජාතීන් ඉලක්කර කර සිදුවෙන ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය වහා නවත්වන්න – UN

සුලු ජාතීන් ඉලක්කර කර සිදුවෙන ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය වහා නවත්වන්න

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙලා දැක ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් වන  අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් සිව්දෙනා  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය වහාම අත්හිටුවන ලෙසටය. එම විශේෂඥයින් සිව්දෙනා ජිනීවා නුවර සිට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි. එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට…

Read More

කොන්දොස්තරගෙන් මාධ්‍යවේදියාට කණේ පහරක්!

Bus conductor slaps journalist in the ear

කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථයක ගමන්කළ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු තම ගමන්වාරයට අදාලව නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල් ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දෙස්තරවරයා මාධ්‍යවේදියාගේ කණට පහරදී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (26දා) රාත්‍රියේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර පදිංචි මෙම මාධ්‍යවේදියා සිය දියණියගේ අවශ්‍යතාවක් සදහා කොළඹ ප්‍රදේශයට ගොස් කිරිබත්ගොඩ නගරයෙන් නැවත අනුරාධපුර නගරයට පැමිණීමට බස් රථයට නැග තිබේ. අංක 41230 යටතේ කොන්දොස්තරවරයා විසින් රුපියල් 338 ක ප්‍රවේශ…

Read More

ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?

Will the Ministry of External Affairs approve the repatriation of migrant workers

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 34721 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. මේ අතර තම විදෙස්ගත දූ දරුවන්, සැමියන්, බිරින්දෑවරුන්, ඥාතීන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා…

Read More

කම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?

Does a worker not have insurance compensation and funding

වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර  ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින  රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින්  නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය  රක්ෂණ ක්‍රමයක්, ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතා පවසයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට  සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක  රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා  එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල…

Read More