ලිංගික ශ්‍රමිකයින්ටත් රැකවරණයක්!

A fund for sex workers

ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය. මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම, බුදුන් සිටි සමය දක්වාම පැතිර ඇත. එදා නගර ශෝභනියන් වූ ඔවුන් වර්තමානය වන විට ගණිකාව බවට පරිවර්තනය වී ඇත. මේ ලිංගික ශ්‍රමිකයින් අශිෂ්ඨ රැකියාවක යෙදෙන ලෙඩ රෝග පතුරවමින් හුදෙක් මානව වර්ගයාගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන්නන් ලෙස සමාජය ඔවුන් දෙස බලයි. කොරෝනා ව්‍යවසනය හමුවේ වඩාත් අසරණ වූ කණ්ඩායමක් ලෙස මේ ලිංගික ශ්‍රමිකයින් හඳුන්වා දිය හැකිය.…

Read More

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

Covid back in free trade zones

වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ‍ (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබුණි. පසුගිය 20 වෙනි දිනය…

Read More

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ

Sandya Eknelygoda Human Rights in Sri Lanka

2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ ප්‍රගීත්ට මොකද්ද වුණේ කියන දේ සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂනයක් කළා. එම විමර්ෂනයට අදාළව ප්‍රගීත්ට මොකද්ද වුණේ? කියන ගැටලුවට, එම උභතෝකෝටිකයට පිළිතුරු ලැබුණා. එහෙත් තවමත් ප්‍රගීත් එක්නැළිගොඩ කියන පුරවැසියාට යුක්තිය ඉටුවෙයි කියන එක පෙනෙන තෙක්මානයකවත් නැහැ. ප්‍රගීත් අතුරුදන් කරලා අවුරුදු 11ක් වුණත් ප්‍රගීත් නාමය ජීවග්‍රහයෙන් මේ සමාජය මත පවත්වාගෙන යන්නට ඇය තවමත් ශක්තිමත්..!…

Read More