වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර තිබුනේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බල පෑ කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මේ වන විට අභියාචනාධිකරනයේ විභාග වන තම නඩු කටයුතු නතර වී ඇති අතර ඒවා කඩිනමින් අවසන් කිරීමට නොහැකිනම් තමන්ට ඇප ලබා දෙන ලෙසයි. බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවීමට පසුව ඔහු ක්‍රියා කර තිබුනි. කොවිඩ් වෛරසය හමුවේ වුවද රට…
Read MoreDay: January 20, 2021
“ජාතීන් අතර ගිනි අවුලනු එපා!” මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් නිවේදනයක්!
කොවිඩ් ආසාදිත මරණ භූමිදාන / ආදාහන ගැටලුවේදී ලාංකීය මුස්ලිම් ජනතාව හුදෙකලා කොට, සහරාන් පන්නයේ අන්තවාදීන්ගේ තුරුලට තල්ලු නොකොට, ඔවුනගේ මෙම මානුෂවාදී ඉල්ලීම වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව පෙළ ගැසෙන්න යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.එස් පුෂ්පකුමාර මහතා මෙරට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය ඩබ්ලිව්.පී.එස්. පුෂ්පකුමාර මහතා මේ වන විට සිටින්නේ ස්විට්සර්ලන්තයේය. කොවිඩ් ආසාදිත මරණ ගැටලුව සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්, දෙස්-විදෙස් විශේෂඥන්ගේ විද්‍යාත්මක තහවුරු කිරීම් හා ජාත්‍යන්තර පුර්වාදර්ශ බැහැර කරමින්, ශ්‍රී ලංකා…
Read Moreදුරකථන සමාගම් වල පම්පෝරිය පේනවා Online ඉගෙන ගන්න ලමයි කඳු උඩ නගිද්දී : ජෝසප් ස්ටර්ලීන් – ලංකා ගුරු සංගමයේ ලේකම්
පනත් පහක් සංශෝධනයට
මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද…
Read Moreයුක්රේනුවන්ට PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.
යුක්රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා තිබුණි. යුක්රේන ජාතිකයින්ට පමණක් නොව ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන ඒමට අවසර දී තිබුණු බවත්, යුක්රේනය සම්පූර්ණයෙන්ම වසා දැමූ රටක් නොවන අතර, ප්‍රධාන රැස්වීම් සහ පාසල් වසා දමා අනිකුත් සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කරමින් සිටී බවත්, ඒ සියල්ල පිලිබඳ…
Read Moreආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය අඛණ්ඩව කරගෙන යනු ලබයි. ජැටිය විදේශයට විකිණීමේ කුමන්ත්‍රණයට විරුද්ධව කටයුතු කරන වරායේ පුමුඛ පෙළේ වෘත්තීය සමිතියක් වන්නේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියයි. නමුත් මේ වන විට ආණ්ඩුව සිය බලය යොදා ගනිමින් එහි සාමාජිකයෙකු එම වෘත්තිය සමිති කටයුතු වලින් ඉවත් කරවීමට ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කර ඇත. මෙසේ ස්ථාන මාරුවට ලක්ව ඇත්තේ සමස්ත…
Read More