ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය අනුව සාපාරාධි වරදක් කළ අයෙකුට ඔහුට ලැබෙන දඬුවමට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට අප අත්සන් තබා ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට, තමන්ට ලැබී ඇති දඬුවම සම්බන්ධයෙන් අභියාචනය කිරීමේ අයිතිය හිමිවිය යුතු බව ජනතා නීතීඥයෝ සංවිධානයේ විධායක සභික නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට ඇති නීතිය අපරාධ නීතියේ සිද්ධාන්ත සමග ද ගැටුමක් ඇති කරන බව පෙන්වා දුන් ඔහු පවසන්නේ මෙය වෙනස් කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවය. ඇතැම් අය මේ දඩුවම් ඥාණසාර හිමියන්ට…
Read MoreDay: January 16, 2021
සංඛ්‍යාත වල ශුද්ධ අයිතිය තියෙන්නේ ජනතාවට, ඒක ජනතාව දන්නෑ – ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම් ගමගේ
“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්
උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල…
Read More“මියන් කුමාර” සම්බන්ධයෙන් නාගානන්ද පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්!
අගනගරය සමීපයේ ප්‍රසිද්ධ රජමහා විහාරයක ඇති දැඩි කරන ඇත් පැටවකුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව 2021 ජනවාරි 15 සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහජන අයිතිය බල ගැන්වීමේ ක්‍රියාකාරී සහ ලේකම්, විනිවිද පෙරමුණේ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. නීතිඥ වෘත්තියට නොගැලපෙන අයුරින් කරුණු දැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවකට වරදකරුවී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥභාවය වසර තුනකට අහෝසි කරනු ලැබ සිටින නාගානන්ද කොඩිතුවක්කු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ මීට ප්‍රථමයෙන්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මෙම ඇතාට දීර්ඝ කාලයක්…
Read More