“සපිරි ගමක්” සංවර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලැබුයේ 2020 වසරේදීය. එහිදි එක් ග්‍රාම නිලධාරී වසමකට රු. ලක්ෂ 20 කින් යුතු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර 2020.12.31 දිනට අවසන් කිරීම සඳහා අදාළ සංවර්ධන නිලධාරීන් නියමිත රාජකාරී පැය 08 ඉක්මවා විශාල රාජකාරියක් ඉටු කරන ලදි. නමුත් මේ වනතුරුත් සපිරි ගමක් සංවර්ධන ව්‍යාපෘති සඳහා මැදිහත් වූ සංවර්ධන නිලධාරීන්ට නියමිත නිවාඩු දින වැටුප් ලබා නොදීම පිළිබඳව සංවර්ධන නිලධාරී සේවා සංගමය සිය විරෝධය පළ කර සිටියි. එම සංගමය විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ එම දීමනා ලබාදීමට කටයුතු කරන ලෙසටය. එම නිවේදනයේ…
Read MoreDay: January 15, 2021
පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. සැබවින්ම දූෂිත පොලිස් නිලධාරීන් රැසක් වර්තමානය වන විට පොලිසිය අරක් ගෙන සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. මේ නිසා මහජනතාවට පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳි යමින් ඇත. මාව අන්දන ලෑස්ති වෙන්න එපා මේ අතර…
Read More“දිල්ලි චලෝ” – අදානි, අම්බානි ගේ ව්‍යාපෘති කිරීමට මෝදිට බැහැ!
දිල්ලියේ අගනුවර කඳවුරු බැඳ සිටින විරෝධතාවයේ නිරත ගොවීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඔවුන්ගේ උද්ඝෝෂණය ත්‍රීව කරන බවට අනතුරු අඟවා තිබේ. ජනවාරි 2 දා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනරජ දිනය සමරන ජනවාරි 26 වන දින ට්‍රැක්ටර් පෙළපාලියක් සමග උද්ගෝෂණයක් සංවිධානය කරන බවයි. අරගලයේ ආරම්භය කොවිඩ් ගෝලීය වසංගතය ඇති දරුණු ලෙස ඉන්දියාවට පහර දෙන මොහොතක භාරතීය ජනතා පක්ෂය පවතින හදිසි තත්වය භාවිතා කරමින් සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව හරහා කෘෂිකර්මාන්තය සදහා වන අදාල වන ගොවි පනත් තුනක් ඉවත් කිරීමට රජය පෙළඹී ඇත. නව නීති මගින් කෘෂි ව්‍යාපාර වලට හා ව්‍යාපාරිකයන්ට ලබා…
Read Moreඅද පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරයෙකුට කරන්න වැඩක් නැති තරම්! – මහාචාර්ය එච්.ඩබ් සිරිල්
නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය. නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි. මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති…
Read Moreශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා, මීලඟ මාර්තු මාසයේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ප්රබලතම කොන්දේසි ඇතුලත්…
Read More