වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

Black January seeks justice for 11 years

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කරන  බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත්…

Read More

යුරෝපා සංගමයේ තීරණයට WHO කනස්සල්ල

යුරෝපා සංගමයේ තීරණයට WHO කනස්සල්ල

යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් විසින් සොයාගෙන ඇති කොවිඩ්-19 මර්ධන ඒන්නත ලොව පුරා බෙදා හැරීම පාලනය කිරීම සදහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය තම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින් පවතින වර්තමානයේ යුරෝපය විසින් සොයාගත් එන්නත් අපනයනය පාලනය කළ යුතු බවට පසුගිය දා යුරෝපා සංගමය විසින් තීරණය කර තිබුණි. මේ සම්බන්ධව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප ප්‍රධානී මාරියෙන්ජලා සීමාවෝ පෙන්වා දෙන්නේ අදාළ තීරණය නිසා කොවිඩ් ගෝලීය වසංගතය තවදුරටත් ව්‍යාප්තවී ව්‍යසනකාරි තත්ත්වයක් මතුවිමට මෙම තීරණය හේතුවන බවයි.

Read More

මේක තමන්ගෙ රටට එන්න තියන අයිතිය | Harini Amarasuriya

Read More

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

victor rathnayake latest news

වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක්…

Read More

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර

Rathgama Caste Unity Breaking Karawa Road

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයින් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාශයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශ පිහිටා ඇත. මේ මැතිවරණ කොට්ඨාශ තුනම කුල පදනම මත බෙදා වෙන් කළ මැතිවරණ දේශ සීමාවන් ය. රත්ගම සලාගම වනවිට අම්බලන්ගොඩ කරාව ය. කරන්දෙණිය දේව වාංශික ය. අම්බලන්ගොඩට යාබද බලපිටිය ගත්ත ද එයත් කුලය සලකා සීමා නිර්ණය කළ…

Read More

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

The problem with the Eastern Container Terminal

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල නැගෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුල අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි. සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල කණ්ඩායම් තමන් අපේක්ෂා…

Read More

ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය

ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය

තවත් ජනවාරියක් අවසන් විය. ජනවාරි මාසය ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට විශාල බලපෑම් ඒල්ල කළ මාසයක් ලෙස සැලකේ. පසුගිය කාලය තුළ ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන්කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනය ගිණිතබා විනාශ කිරීම ඇතුලු බොහෝ බරපතල සිද්ධීන් ජනවාරි මාසයන් තුල සිද්ධ විය. ඒම නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරනු ලබන සංවිධාන ජනවාරි මාසය කළු ජනවාරියක් ලෙස නම් කර තිබේ. ඒසේ දශක කිහිපයක් තිස්සේ සිදු කළ මාධ්‍ය මර්ධනය නිසා පාලකයින් බලාපොරොත්තු වූ ආකාරයේ මාධ්‍ය සංස්කෘතියක් වර්තමානයේ රට තුළ නිර්මාණය විය. ඒ් හේතුවෙන් අද මාධ්‍යවේදීන් හා දේශපාලඥයින් අතර තිබූ වෙනස වේගයෙන්…

Read More

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

Today journalists are repressed in a different way - Karu jayasuriya

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම් වැනි මර්දනකාරී උත්සාහයන් අද පවතින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය කර හෝ අතුරුදහන් වී ඇති බවත්  ඒ වාගේම අසීමිත සංඛාවක් විශාල පීඩනවලට ලක්ව තිබෙන බවද ඔහු කියා සිටියි. ඔහු මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහා වන…

Read More

ලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?

Salary mafia of Ceylon Electricity Board employees

මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම  එවකට සිටි  සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු  හා  අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප් රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදු අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි. පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල…

Read More