වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත. රටක විදේශ ප්‍රතිපත්තියක් යනු ජාත්‍යන්තර ලෝකයේ රටවල් සියල්ල සමඟ කටයුතු කිරීම, ගනුදෙනු කිරීම මෙන්ම රට තුළ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇති කරන විශ්වාසයක් මෙන්ම මෙරට අනාගත සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධාන්ත ගත ප්‍රතිපත්තිය බවත්, එබැවින් ජාත්‍යන්තරය ඉදිරියේදී කටයුතු කිරිමේදී අනෙකුත් රටවල් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන ආකාරයේ දේශපාලනමය ස්වරුපයෙන් කටයුතු කරන ලෙස විදේශ…
Read MoreDay: November 25, 2020
චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!
රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු කිරීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී සිටින බව හෙද හෙදියන් පිරිසක් අනාවරණය කළහ. කොරෝනා තත්වය ඇතිවීම නිසා පසුගිය අප්‍රේල් මස 18 දින ජනාධිපති ලේකම් කාර්යාලය හා සැප්තැම්බර් මස 23 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කල ලිපිය කිසිදු සැලකිල්ලකට නොගන්නා විශේෂ හෙද නිලධාරිනියක ඉතා අත්තනෝමතිකව ක්‍රියා කරනා බව හෙද නිලධාරීන් අනාවරණය කළහ. කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති…
Read Moreනිළධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉන්ජිනේරුවාගේ වැඩ තහනම්!
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ වීඩියෝවක් ඊයේ (24) සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන ප්‍රධාන වීඩියෝව බවට පත් ව තිබුණි. ඒ වීඩියෝවට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි තිබු අතර ඉන් බොහෝ දෙනා විමසා තිබුණේ මේ කාන්තාව වෙනුවෙන් පෙනි සිටිමට කිසිවෙකුත් නැතිද යන්නයි. ප්‍රසිද්ධ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ යාබද ඉඩමේ පිහිටි මේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය තුල සේවය කරන්නේ ඉතාමත් සිමිත කාර්ය මණ්ඩලයකි. මෙම කාර්යාලයේ ප්රධනා ඉංජිනේරුවා මෙලෙස එහි සේවය කරන කළමණාකරන සහකාර නිලධාරිනියකට පහර දී ඇත්තේ දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇති වූ බහිනබස් වීමකදීය. මොහු…
Read Moreචීනය ලංකාව තුල සිදු කරනු ලබන්නේ ලෝක යුද තත්වයකට සූදානම් වීමක්ද?- අඳුරත්විල චන්ද්‍රජෝති හිමි
පාතාලය ඉවරයි.! දැන් අපි නිදහස්
ශාරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ එවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ. ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර, අධිකරණය මගින් මරණ දඩුවම නියම කරනු ලැබුවත්, ඔවුන් එල්ලා මැරීම සිදු කිරීම දැනට දශක කිහිපයක් තිස්සේ සිදු නොකරයි. පසුගිය යහපාලන රජය සමයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණ දඩුවම හිමි වූ පුද්ගලයින්ට මරණ දඩුවම…
Read More