ජෝ බයිඩන්ගේ ජයග්රහණයෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පිළිනොගනමින් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඉවත් වී නිහඩව කටයුතු කරමින් සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට බල සංක්රාන්තියකට තම කැමැත්ත පළ කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ආරක්ෂක අංශ, ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් හා තානාපති අංශ සදහා සුදුසු පුද්ගලයින් පත්කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, බැරක් ඔබාමා සමයේ රාජ්‍ය ලේකම් ධුරය දැරෑ ජෝන් කෙරී පරිසරය පිළිබදව ජනාධිපති නියෝජිතයා ලෙසද, දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර සඳහා පළපුරුදු ආරක්ෂක අංශ…
Read MoreDay: November 24, 2020
වෛද්‍ය සැපයුම් අංශයෙත් කොරෝනා
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. එම පුවතට අනුව දිවයින පුරා සියලුම රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) PCR පරීක්ෂාවකට ලක් කර ඇත. දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන අතර මේ නිසා එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු…
Read Moreසංස්කෘතියක් නැති අයවැයක්!
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදි කාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැයක් ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් එය ඉදිරිපත් කිරීමේ හැඳින්වීමේදීම සඳහන් කරනු ලැබූවා. මෙම අය වැය ඉතිහාසයට එක්වන්නේ සංස්කෘතිය සඳහා තම ප්‍රතිපත්තියක් හෝ අරමුණක් නොමැති අයවැයක් ලෙසයි. නමුත් මේ වන විට දෙවන වර…
Read Moreසමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සංවිධානය සහාය පළකරන නමුත් එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය…
Read Moreමද්රසා පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතයද? ජිනවංශ හිමියන් විමසයි.
මද්රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් උන් වහන්සේ මේ බව විමසා ඇත. පාර්ලිමේන්තුවේ දි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, මද්රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල,පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල්.…
Read Moreබන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම
කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින් නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි. මේ වන විට රැදවියන් 15 දෙනෙකු A සිරමැදිරියේ හා c සිරමැදිරියේ වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ. ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිළධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ.ඉන් අනතුරුව ඊයේ සවස 05 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින්…
Read Moreඅල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය
මේ වසරේ පළමු මාස අට තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දින දක්වා වැටලීම් සදහා පැමිණිලි හතලිස් හයක් ලැබුන අතර එම කාලය තුළ සිදුකළ සාර්ථක අල්ලස් වැටලීම් 25 ක් මගින් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් දෙනා අතරින් දස දෙනෙකුම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වෙති. දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ සිවිල් පුද්ගලයන්ගෙනි.…
Read More