28 දා උතුරු නැගෙනහිර හර්තාල්!

28 දා උතුරු නැගෙනහිර හර්තාල්!

දෙමළ ජනතාවට මිය අය සිහිපත් කිරීම රජය විසින් වැලැක්වීම සම්බන්ධයෙන් අද (24) දින දෙමළ දේශපාලන පක්ෂ 10 ක් යාපනයේදී එක් වී විරෝධතා ප්‍රකාශ කර සිටියේය. තීලිපන් අනුස්මරණයට එරෙහිව රජය ගෙන ගිය විරෝධයට එරෙහිව දෙමළ පක්ෂ වෙනුවෙන් මෙම කැඳවීම සිදු වු බව ටු ඩේ ජැෆ්නා වෙබ් අඩවිය පවසයි. පක්ෂ 10 ක් වෙනුවෙන් දෙමළ ජාතික පක්ෂ නායක එන්. සිරිකාන්ත මහතා මෙහිදී මෙසේ පැවසුවේය. මියගිය අය සිහිපත් කිරීම – විශේෂයෙන් දෙමළ ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය, ජීවිත අහිමි වූ අය – එම ජාතියේ සියලුම සාමාජිකයන්ගේ මූලික අයිතියක්. මෙම මූලික අයිතිය ජාත්‍යන්තර නීතිය…

Read More

ලංවිමට ව්‍යුහගත වෙනසක් අවශ්‍යයි! – ලංකා විදුලි පොදු සේවක සංගමය

ලංවිමට ව්‍යුහගත වෙනසක් අවශ්‍යයි! - ලංකා විදුලි පොදු සේවක සංගමය

ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යුහගත වෙනසක අවශ්‍යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි. ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදීය. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරි වෙත යොමු කළ 2021 වැටුප් ප්‍රතිශෝධනය සම්බන්ධ ලිපියක්ද අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර සිටියේය. විදුලිබල සේවකයින්ට හිමි ත්‍රෛයි වාර්ෂික වැටුප් ප්‍රතිශෝධනය 2021 දී ලැබීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා කිසිදු සුදානමක් නොමැති බව අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේය. එබැවින් 2021 වැටුප් සමාලෝචනයට අදාල සාකච්ඡා වහාම…

Read More

මානව හිමිකම් කොමිසමෙන් යොවුන් කඳවුරක්.

මානව හිමිකම් කොමිසමෙන් යොවුන් කඳවුරක්.

තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබදව සංවේදීතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් සංවිධානය කරන  යොවුන් කඳවුරක් සදහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලබයි. “කොවිඩ් – 19 බලපෑම හා තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටලු” මැයෙන් පැවැත්වෙන මෙම කදවුර සදහා දිස්ත්‍රික්ක 25 ම ඉලක්ක කරගනිමින් තරුණ තරුණියන් සම්බන්ධකරගනු ලබන බව එම කොමිසම නිවේදනය කර ඇත. කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ තරුණ කදවුර අන්තර්ජාල වෙබ් සම්මන්ත්‍රණ ක්‍රියාකාරකම් හා දින දෙකක නේවාසික කඳවුරකින් සමන්විත වේ. විවිධ ජාතික හා ආගමික කණ්ඩායම්,…

Read More

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය පැසසිය යුත්තකි. පොලිස් නිලධාරී තනතුර නීතියේ ආධිපත්‍ය හා බැඳි පවතින්නකි. ඔහුගේ නිල ඇඳුමේ ගරුත්වයක් ඇත. නමුත් ඔවුන් ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්ත කළ විට ඇතැම් නිලධාරීන්ගේ ඉරණඹ වෙනස් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා ප්‍රබල දේශපාලන චරිතයක් තම  ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් ලවා නිවසේ වළං සෝදවා ගත් අවස්ථා ද…

Read More

විස්සට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් හයක්!

විස්සට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් හයක්!

බහුතර බලයක් සහිත නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්  කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන  විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද ඇතුලුව පාර්ශව හයක් විසින් එම පෙත්සම් ගොනු කර ඇත. යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත  සැප්තැම්බර් 22 අගහරුවාදා  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී  විපක්ෂයේ නියෝජිතයන් එයට දැඩි විරෝධයක් පළ කර තිබුනි. දෙමළ ජාතික සන්ධානය  විසින් සැප්තැම්බර් 23 බදාදා  ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ රජය විසින්…

Read More