20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!

20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!

අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත්  පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය. මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සමක් ගොනු කර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන පනත් කෙටුම්පත නීතියට පටහැනි බවත්, එය විශේෂ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස ඉල්ලමිනි. නීතිඥ නිලන්ති ද සිල්වා මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් කියා ඇත්තේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි…

Read More

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය කරනවා – අගමැති කියයි.

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය කරනවා - අගමැති කියයි.

ඉදිරියේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ TNA යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ  එම්.ඒ සුමන්තිරන් මහතා අතර රැස්වීමක්  අඟහරුවාදා කොළඹදී පැවැත්විණි. එහිදී නව ව්‍යවස්ථාව සඳහා වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම, තමා ඇතුළු සියලු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නම්, එය දෙමළ ජනතාවගේ සියලු ගැටලුවලට විසඳුමක් ඇතුළත් වනු ඇතැයි අතිශයින්ම සැලකිලිමත් වන බව සුමන්තිරන් අවධාරණය කර ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර…

Read More

අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ කෙටුම්පතක්!

අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ කෙටුම්පතක්!

රියැලිටි වැඩසටහනක පසුබිම්තල නිර්මාණ ශිල්පියෙකු  එහි පැමිණෙන කුඩා දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඔහු දරුවන් අපයොජනය කර ඒවා වීඩියෝ කර ගබඩා කර තිබු හෙයින් මොහු මෙම වීඩියෝ විදේශයට විකිණීමට තබාගෙන සිටියාද යන්න පොලීසියට එවකට සැක මතු වී තිබුණි. ඔහු පමණක් නොව විවිධ පුද්ගලයින් කුඩා දරුවන් ඉතා සුක්ෂම අයුරින් අශ්ලීල ප්‍රකාශන සඳහා යොදා ගන්නා අවස්ථා දැන් ඉහළ යමින් පවතින බව නිරීක්ෂනය වන්නකි. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙය සිදු වේ. ඇතැම් විට ටොපියකට, චොකලට් එකකට කුඩා දරුවන් නතු කර ගන්නා මෙම පුද්ගලයින් ඉන් උපයා ගන්නා ආදායම විශාලය.…

Read More