පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලඥයින්  ප‍්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තාවන්ට අනුව එම දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පෝස්ට් වලින් ඔවුන් මෙය අවධාරණය කර තිබෙන බව සඳහන් කර ඇත. මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩර මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවද ඒහි සඳහන් කර ඇත. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ…

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම් විසි වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමේ විවාදයට ගත හැකියි. එහෙත් අදාළ කාලය තුළ විසිවන සංශෝධනය අභියෝගයට ලක්කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21 ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි. අදාළ කාල සීමාව තුළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ.…

Read More

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 ක් මරුට!

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට!

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර, සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා පවසයි. හදිසි ආපදා සේවකයින් 40 කට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ගලවා ගැනීමේ භටයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් සදහා එක්ව ඇතැයි සඳහන් වේ.

Read More

ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?

ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින විදෙස්ගත  ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව රජය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් චක්‍රලේඛනයක් මගින් මේ බව විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව ලංකාවට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමට පහසුකම්…

Read More

කොවිඩ් මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට සියයට තිහකින් වැඩි වේ.

කොවිඩ් මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට සියයට තිහකින් වැඩි වේ.

කොවිඩ් 19 වසංගතය ඔක්තෝම්බර් – නොවැම්බර් යන මාස වලදී යළි උත්සන විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ පහුගිය සතියේය. කොවිඩ් 19 වසංගතය වෙනත් රටවල දෙවන, තෙවන රැළි ලෙස යළි ව්‍යාප්ත වන විට අපේ රටේ තවමත් එය එක මට්ටටමකින් පාලනය කර ගෙන ඇත. ඊයේ (20) වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් සංඛ්‍යාව 3283 කි. ඉන් මේ වන විට රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 182 කි. සැක සහිත වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව 33 ක් වන අතර රෝගය සුව වී රෝහලෙන් පිටව ගොස් ඇති…

Read More