රම්සි රසීක්ට ඇප.

රම්සි රසීක්ට ඇප.

ෆේස්බුක් සටහනක් හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR Act) යටතේ පසුගිය අප්‍රේල් 09 වන දින සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිට රම්සි රසීක්ට අද දින කොළඹ මහාධිකරණයෙන් ඇප නියම වී තිබේ. ඔහුව දින 161ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. රම්සි රසීක් වෙනුවෙන් අද දින ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

Read More

තරුණ වයස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය!

තරුණ වයස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාවේ මේ වන විට  බල පවත්නා ආඥා පනත් තුනක් සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සාක්ෂි ආඥා පනත, ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥාපනත සං‌ශෝධනය කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. සැප්තැම්බර් 16 දින පැවැත්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. සාක්ෂි ආඥාපනතේ ඇතැම් වචන සහ යෙදුම් වර්තමානයේ භාවිත නොවන බැවින් ඒ වෙනුවට අලුත් වචන හා යෙදුම් යොා එම ආඥා පනත සංශෝධනය…

Read More

වැඩ බාරගෙන මාසයයි, රාජ්‍ය ඇමැති ළඟ තොරතුරු නෑ!

වැඩ බාරගෙන මාසයයි, රාජ්‍ය ඇමැති ළඟ තොරතුරු නෑ!

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට වගකීම් පවරා මාසයක් ගත වී තිබියදීත් අදාළ ක්ෂේත්‍රයේ  කිසිවකු පිලිබඳ තොරතුරු ඔහුගේ අමාත්‍යාංශයේ නොමැති  බව හෙළි වී තිබේ. බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි ස්වකීය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ක්ෂේත්‍ර වල කිසිවකුගේ හෝ දත්ත මේතාක් තමන් සතුව නැත. “ලංකාවේ දේශිය අත් යන්ත්‍ර රෙදි පිළි නිශ්පාදකයන්ගේ, ඒ වගේම බතික් කර්මාන්තයේ නියැලි ඉන්න අය, ඒ වගේම දේශීය වශයෙන් නිමි ඇදුම් නිශ්පාදනය කරන පිරිස්, මේ අයගේ කිසිදු දත්තයක් අපේ අමාත්‍යාශය තුළ දැනටමත් අන්තර්ගත වෙලා නැහැ,” යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

Read More

20 ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ අදහස අනවශ්‍ය පුර්ව විනිශ්චයක්!

20 ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ අදහස අනවශ්‍ය පුර්ව විනිශ්චයක්!

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහ කොමසාරිස්වරියගේ  අදහස් අනවශ්‍ය සහ පූර්ව විනිශ්චය මත පදනම් වූවක් බව රජය විශ්වාස කරන  බව ජීනිවා මානව හිමිකම් සමුලුවේ 45 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත (වැඩ බලන) දයානි මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කර තිබේ. ජීනිවා මානව හිමිකම් සමුලුවේ 45 වන සැසිවාරයේදී ඉකුත්  සැප්තැම්බර් 14 වන දින ‘ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීම’ සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය  කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව කියා ඇත. 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූ විට පවා, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ප්‍රතිසන්ධානය, වගවීම…

Read More

“උපාධිධාරීන්ට යුද පුහුණුව” වැරදි සංස්කෘතියක් – ලංකා ගුරු සංගමය

“උපාධිධාරීන්ට යුද පුහුණුව” වැරදි සංස්කෘතියක් - ලංකා ගුරු සංගමය

රාජ්‍ය සේවයට මෑතකදී බඳවා ගත් උපාධිධාරීන්ට යුද පුහුණුවක් ලබා දීම රාජ්‍ය සේවය වැරදි සංස්කෘතියක් වෙත යොමු කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසයි. ශ්‍රී ලංකා යුද  හමුදාව ප්‍රකාශ කර  තිබුනේ රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 කට  ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු රට පුරා යුද හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 ක දී පුහුණුව ලබා දෙන බවයි. ජනාධිපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” මැතිවරණ ප්‍රකාශයට සමගාමීව හා ඔහුගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන…

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනය නිසා යළි කොරෝනා හිස ඔසවයිද?

කොළඹ පොත් ප්‍රදර්ශනය නිසා යළි කොරෝනා හිස ඔසවයිද?

ශ්‍රී  ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙට (18) දින ආරම්භ වීමට නියමිතය. දින කිහිපයක් පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය මෙවර විශේෂ තත්ත්වයක් යටතේ පැවැත්වීමට එහි සංවිධායකයින්ට සිදු වී ඇත. ඒ් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සංවිධානය කිරීමට සිදුවීමය. පහුගිය කාලය පුරාම පැවති මෙම පොත් ප්‍රදර්ශනයට ලක්ෂ ගණනින් පාඨකයින් පැමිණි අතර මෙවරද එසේ පාඨක පිරිසක් සහභාගී වනු ඇති බව විශ්වාස කරන ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී භාවිතා කරන ලෙස …

Read More