අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ආණ්ඩුවට චෝදනා!

අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ආණ්ඩුවට චෝදනා!

ජනාධිපතිවරයා හා රාජ්‍ය ඇමැතිවරුන්  අතර පසුගියදා  පැවති සාකච්ඡාවකදී  අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක්  ගෙන ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ගුරුමාරු හා දරුවන් පාසලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යකටම හවුල්වීමේ අවස්ථාව දේශපාලකයන්ට විවෘතව පවතින  බව  ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. එය පොදු අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේ යැයි  සැප්තැම්බර් 10 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී   ජනාධිපති පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය එදින නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇතැත්  එය දේශපාලන ඇගිලිගැසීමක් වීම නොවැලැක්විය හැකි බව  …

Read More

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි යොහාන් ශෂික රමේෂ් නැමැති විසි පස් හැවිරිදි තරුණයා මෙසේ පොලිස් වධහිංසාවට ලක්ව ඇත. මොහු බේරුවල, මරක්කලාවත්ත, දේවාල පාර  පදිංචි විසි හතර හැවිරිදි තරුණියක් හා වසර නවයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ සම්බන්ධය නිවෙස් වල අයද දැන සිටි බවද පැවසේ. මෙම තරුණිය මේ වන විට සංගීත විශාරද, සංගීත කථිකාචාර්ය, ඉංග්‍රිසි ගුරු ඩිප්ලෝමාධාරීනියක වන…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 න් නොනවතින ලකුණු!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 න් නොනවතින ලකුණු!

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය පමණක් බවත් මෙය අවසානය නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 20 වන සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මේ මාසේ 02 දා වන අතර ඉන්පසු ඊට පක්ෂව, විපක්ෂව විවිධ අදහස් පළ වූ බවත්, එය ප්‍රජාත්‍රන්තවාදී සමාජයක අවශ්‍ය ලක්ෂණයක් බවද ඔහු පවසයි. මේක සංවේදී රජයක් බවද සෑම විටම ජනතාව ගැන සිතා ඔවුන්ට ඇහුම්කන් දී තීරණ ගන්නා බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදීද පොදු බව ඒ මහතා කියා සිටියි. මේ වන විට 20 වන සංශෝධනය පිලිබඳ පළ වී ඇති මත ගැඹුරින් අධ්‍යනය කර අගමැතිවරයාටත්,…

Read More

රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!

රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!

රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන ඊයේ (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලැබුහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන්  ජනාධිපතිවරයාගේ…

Read More