තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක

තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක

තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබු විද්වත් සංවාදයේදීය. මෙය කොළඹ 07, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු කථානායක කරු ජයසුරිය සහභාගි විය. විද්වත් මණ්ඩලය ලෙස තොරතුරු දැන…

Read More

විගණන කොමිසම අහෝසිවීමක් තුළ විගණනය කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ.

විගණන කොමිසම අහෝසිවීමක් තුළ විගණනය කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයනේම සම්මත වන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. ඉකුත් මහ මැතිවරණයට තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී  ඒ ඒ පක්ෂ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට බැදී සිටින බව මහනුවර ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍රෙය්දී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහනුවර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්විණි. විසිවන ව්‍යවස්ථා…

Read More

එදා ජර්මනිය අද ලංකාව –  වික්‍රමබාහු කරුණාරත්න

එදා ජර්මනිය අද ලංකාව - වික්‍රමබාහු කරුණාරත්න

කෝට්ටේ, ජපන් මිත්‍රත්ව මාවත සමීපයේ  ඉදි කර තිබෙන මාදුළුවාවේ  සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී සැප්තැම්බර් 28 අගහරුවාදා පැවැත්වූ “අධිෂ්ඨාන පූජාවක්” සංවිධානය කර තිබුනේ   සිවිල් සංවිධාන සහ වෘත්තීය  සමිති එකමුතුව විසිනි. අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තිය සමිති නායක  සමන් රත්නප්‍රිය  සදහන් කළේ ජනතාවගේ හෝ රටේ ප්‍රශ්න වලට  විසදුම් ලබා නොදෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් ඒකාධිපති ජනාධිපතිවරයෙක් නිර්මාණය කිරීම සඳහා බවයි. “මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කරනවා, ඒ වගේම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරනවා,…

Read More

ජනපතිගේ කට වචනෙට වැඩ කලොත් රජයේ සේවකයින්ට වෙන්නෙ පැන්ෂන් එකත් නැතිව ගෙදර යන්න – රාජිත කියයි

ජනපතිගේ කට වචනෙට වැඩ කලොත් රජයේ සේවකයින්ට වෙන්නෙ පැන්ෂන් එකත් නැතිව ගෙදර යන්න - රාජිත කියයි

අද රජයේ සේවකයින් චක්‍රලේඛ පැත්තකට තබා ගෝඨාබය ජනාධිපතිවරයාගේ කට වචනයට පමණක් වැඩකලොත් ඔවුන්ට අවුරුදු කීපයකින් පැන්ෂන් එකත් නැතිව ගෙදර යාමට සිදුවන බව පවසන රාජිත සේනාරත්න මන්ත්‍රී වරයා, 20 වැනි සංශෝධනය නැතිව අද මේ ජනාධිපතිවරයා හැසිරෙන විදියට 20 වැනි සංශෝධනය දුන්නොත් කොහොමට තියේවිද? යැයි ජනතාවගෙන් ප්‍රශ්න කරයි. අද දින (29) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හා දිවයිනේ සියලුම විරුද්ධ පක්ෂ එක්ව මෙහෙයවනු ලැබූ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් පසු තම කටවචනයට පමණක් වැඩ කරන්න යැයි කීවේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා බවත්, ඒ ඔහුගේ තිබෙන…

Read More

ශක්තික ගෙන් ඉල්ලීමක්!

ශක්තික ගෙන් ඉල්ලීමක්!

මානව හිමිකම් රැකීම අරමුණු කොටගත් පනතක්  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අහිතකර  ලෙස යොදා  ගතහොත්  තමන්ට වසර 10 ක කාලයක් සිරගත වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර එම අනතුරින් තමන් මුදවා ගැනීම සදහා සක්‍රීයව මැදිහත් වන ලෙස  සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ලක් වාසීන්ගෙන් ඉල්ලා තිබේ. “එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ICCPR යටතේ චෝදනා ගොනු කළ හොත් වසර 10 ක කාලයක් සිරගත වීමේ අවදානමක්ද මා ඉදිරිපිට තිබේ.” “අර්ධ” නමින් ලියා ප්‍රකාශයට පත් කළ කෙටිකතාවක් හේතුවෙන් මාස හතරකට වැඩි  කාලයක් බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටින ලේඛක ශක්තික සත්කුමාර…

Read More

ගුරු විෂමතා ඉවත් නොකලහොත් දැවැන්ත අරගලයක් – ලංකා ගුරු සංගමය කියයි!

ගුරු විෂමතා ඉවත් නොකලහොත් දැවැන්ත අරගලයක් - ලංකා ගුරු සංගමය කියයි!

ලංකාවේ වර්තමානය වන විට 20 000කට ආසන්න ගුරු  හිඟයක් නිර්මාණය වී ඇති බවත්, ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට වසර 26 ක් තිස්සේ කිසිම පියවරක් ගෙන නොමැති බවත්, ඉදිරි නොවැම්බර් මාසයේ අයවැය යෝජනාවලින් ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර නොගතහොත් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි. ලංකා ගුරු සංගමයේ 63 වන නියෝජිත සම්මේලනය පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත් (25) දා පැවති අවස්ථාවේ මේ බව එම සංගමයේ නිලධාරීහු අවධාරණය කළහ. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා නියෝජිත සම්මේලනය අමතමින් වැඩි දුරටත් පවසා සිටියේ…

Read More

පොලීසියේ බලපෑම් නොතකා උතුර නැගෙනහිර හර්තාල්!

පොලීසියේ බලපෑම් නොතකා උතුර නැගෙනහිර හර්තාල්!

දෙමළ නිජභූමියේ  බලහත්කාරයෙන් වාඩි ලා සිටි ඉන්දීය හමුදාවට ඉවත් වන ලෙස බල කරමින්  33 වසරකට  ඉහතදී මාරාන්තික උපවාසයක නියැලුණු තිලීපන් ලෙසින් ප්‍රචලිත,  රාසයියා පාර්තීපන් අනුස්මරණය කිරීම වළක්වාලමින් අධිකරණයේ ද සහායෙන් රජය විසින් පසුගිය දිනවල පනවා තිබු තහනමට විරෝධය  පාමින් සැප්තැම්බර් 28 සඳුදා උදෑසන සිට හර්තාල් ව්‍යාපාරය සාර්ථක දියත් කොට තිබුණි. සියලු දෙමළ දේශපාලන පක්ෂ විසින් කරන ලද ඉල්ලීමකට අනුව අද (28)  දිනයේ ක්‍රියාත්මක වූ හර්තාලය සදහා මුස්ලිම් ප්‍රජාවගේ සහ බහුජන සංවිධාන වල විශාල සහායක් ලැබුනු අතර  බැංකු සහ රජයේ කාර්යාලද වසා දමා තිබේ. හර්තාලයට දායක වෙමින් වව්නියාවේ වසා දමා තිබූ…

Read More

ආණ්ඩුවේ ‘ෂෝ’ විතරයි ‘එනවා,.. බයිනවා,.. කෝල් එකක් ගන්නවා යනවා’

“ආණ්ඩුවේ ‘ෂෝ’ විතරයි ‘එනවා,.. බයිනවා,.. කෝල් එකක් ගන්නවා යනවා’”

වර්තමානය වන විට පවතින්නේ ෂෝ පමණක් පවතින ආණ්ඩුවක් බවත් 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලබා දුනහොත් ඔහු කරන ඕනෑම වැ‍රැද්දකට අධිකරණයට හෝ කොමිෂමකට හෝ පොලීසියකට හෝ කැඳවීමට නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ව්‍යවස්ථා සංශෝධනයක් බවත්  සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) සවස පොලොන්නරුව සුංගාවිල දී පැවති මහජන හමුවක දීය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය. “දහ නමවන සංශෝධනය තිබුණ නිසා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිෂම හමුවට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් 20 ආවාම…

Read More