මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන වාර්තාව වහාම රටට හෙළිකරන්න

විදුලිය බිඳවැටීම් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන වාර්තාව වහාම රටට හෙළිකරන්න

වසර ගණනාවකට පසු මෙරට බරපතලම විදුලිය බිඳ වැටීම සිදු වූයේ පහුගිය අගෝස්තු 17 දාය. ඒ් නව රජයේ විදුලබල අමාත්‍යවරයා වැඩ භාරගෙන පැය අනූ හයකට පසුවය. දින හතරක් ජනතාවට විදුලි විසන්ධි වීමේ අර්බුදයට මුහුණ දෙන්නට සිදු විය.  මේ විදුලිය බිඳ වැටීම ගැන විදුලිබල අමාත්‍යාංශයෙන් විවිධ අවස්ථා වල විවිධ ප්‍රකාශ නිකුත් කළේය. පළමුව කීයේ කෙරවළපිටිය ග්‍රීඩ් උප පොලෙහි බිඳ වැටීමක් මෙයට හේතු වු බවය. ඊට පැය කිහිපයකට පසු යළි පැවසුයේ කෙරවළපිටියේ සිද්ධිය කොරොච්චෝලය විදුලිබලාගාරයට බලපෑම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේම බිඳ වැටීමක් සිදු වු බවය. කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවීමට විදුලිබල…

Read More

අතුරුදහන් වුවන්ගේ සැමරුම් උතුරු නැගෙනහිර පුරා!

අතුරුදහන් වුවන්ගේ සැමරුම් උතුරු නැගෙනහිර පුරා!

අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (30) දින යාපනය ඇතුලු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක විරෝධතා රැළි පවත්වන ලදී. යාපනයේ විරෝධතා පා ගමන යාපනය මධ්‍යයම බස් නැවතුම්පොළෙන් ආරම්භ වී රෝහල් පාර හරහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ළඟා වී ලිපියක් භාර දී ඇත. බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන, හමුදාවට භාර දී අවසන් සටනට පෙර සහ පසුව අතුරුදහන් වූ බවට වාර්තා වී ඇති අතර විවිධ අරගල සිදුවී ඇත. අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලා 2009 සිට මෙම විරෝධතා පැවැත්වෙමින් තිබේ. අතුරුදහන් වූවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ යුද්ධය අවසන් වී වසර 11…

Read More

සජිත්ගේ “සිරිකොත ඇල්ලීම” හරියට සමසමාජය, එජාපය අල්ලන්න හදනවා වාගේ වැඩක්!

සජිත්ගේ “සිරිකොත ඇල්ලීම” හරියට සමසමාජය, එජාපය අල්ලන්න හදනවා වාගේ වැඩක්!

සමගි ජන බලවේගය සිරිකොත අල්ලා ගැනීම යනු සමසමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අල්ලා ගැනීමට කරන උත්සහයක් වැනි කළ නොහැකි කාර්යයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය ඊළඟ පරම්පරාවට භාරදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඒ මහතා කීවේය. එක්සත් ජාතික පක්ෂයට නායකත්වය පිළිබඳ කිසිදු අර්බුදයක් නොමැති බවත් අදාළ නායකත්වය ඉදිරියේදී පත් කර ගන්නා බව ඊයේ (30) මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ…

Read More

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම් 

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම්

විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද පාංශු චිත්‍රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික වෙයි. මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා සමග වු සාකච්ඡාව සිනමාව ඉක්මවා ගිය සාකච්ඡාවක් විය. පාංශු සිනමා කෘතිය නිර්මාණය කරන ලද අධ්‍යක්ෂවරයාගේ අනන්‍යතාවය ඉතා සංකීර්ණ වූත්, වර්තමාන සමාජය විසින් අවබෝධ කරගත යුතු හා අනන්‍යතාවයන් රැසක් ඔහු තුළ තිබූ හෙයින් ද, සිනමා කෘතිය සම්බන්ධයෙන් දැනටමත් විවිධ සාකච්ඡාවන් පවතින හෙයින් ද, මේ ලිපිය නීතිඥ, නිති කතිකාචාර්ය, ගීත රචක, නාට්‍ය අධ්‍යක්ෂක,…

Read More

OMP කාර්යාලයට මුදල් වෙන් කිරීම ගැන නැවත සිතිය යුතුයි!

OMP කාර්යාලයට මුදල් වෙන් කිරීම ගැන නැවත සිතිය යුතුයි!

ජීනිවා ගොස් දෙමළ ඩයස්පෝරාව සමඟ එකතුව සිටින පුද්ගලයින් සිටින අතුරුදහන් වූ තැනැත්තන්ගේ (Office on Missing Persons) කාර්යාලයට රජයෙන් මුදල් වෙන් කිරීම ගැන සිතිය යුතු බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේදීය. පුනරාවර්තන වියදමින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයටත් මුදල් වෙන් කර දීම සම්බන්ධයෙන් වැඩිදුරටත් නියෝජ්‍ය කථානායකවරයා වෙත අදහස් දැක් වූ ඔහු මෙසේද කීහ. එම කාර්යාලය පත් කළේ 30- 1 යෝජනාවක් මත බවත් උදාහරණයක් ලෙස ජ්‍යෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයා ඝාතනය කළ අයගේ ඥාතියෙක් ඇවිත් සල්ලි ඉල්ලුවොත් දෙන්න වෙන්නේ අපේ රජයෙන් යැයි ද කීහ. එමෙන්ම…

Read More

13 අහෝසි කිරීම ගැන තාම තීරණයක් නැහැ!

13 අහෝසි කිරීම ගැන තාම තීරණයක් නැහැ!

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිලිබඳ තවමත් අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා වී නොමැති බව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී  මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ  මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේය. ඊයේ  (29)  දින අලි සබ්‍රී  මහතා මල්වතු පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පුජ්‍ය මහානායක නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිකරණ පද්ධතිය තුළ…

Read More

පොලීසියේ වෙඩි තැබීම් හා ජීවත් වීමේ අයිතිය

පොලීසියේ වෙඩි තැබීම් හා ජීවත් වීමේ අයිතිය

පහුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ කළුතර පොලිස් කොට්ඨාශයේ පොලීසියකට ගොස් සිටි යුද හමුදා සෙබලෙකුට වෙඩි වැදී රෝහල් ගත කීරීමේ පුවතකි. ඔහුට වෙඩි වැදී තිබුනේ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ඉබේ පත්තු වීම නිසාය. නමුත් මාතර නගරයේ මහදවල් නිලේකා ජුවලරිය කොල්ල කෑ සිදුවීම අපට අමතක නැත. එහිදී කොල්ලය වැළකීමට මාතර පොලිසියෙන් ගිය පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔහුට ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. එහෙත් දැන් සිටින පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි ඉබේ පත්තු වන බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම කාලයක් යටපත්ව තිබු සැකකරුවන් ආයුධ පෙන්වීමට යාම්, තනි පුද්ගලයෙකු…

Read More

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව යළි මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්තාපනය කළ යුතුව ඇතැයි සභාපතිවරයා කීවේය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඉකුත් මාස හයක කාලය තුළ අත්අඩංගුවට පත්වූ පනස්දෙදෙහසක පිරිස අතරින්  සැලකිය යුතු ප්‍රමාණයක් පාසල් වයසේ පසුවන දරුවන් යැයි ඉකුත්දා (27) මහනුවර පොල්ගොල්ලේදී පැවැති අධ්‍යාපන අංශය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීවේය. අන්තරායකර ඖෂධ පාලක ජාතික…

Read More