හෙළ පසු වූ විට හැරමිටිය අතහැර දමන්නාක් මෙන් බලයට පත්වූ විට රට, ජාතිය, ආගම සහ ඡන්ද දායකයන් අමතක කර දමන දේශපාලනඥයන්ගෙන් රටට සෙතක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති. එබැවින් මෙවර මහ මැතිවරණයේ දී ඡන්ද දායකයන් ඉතාමත්ම බුද්ධිමත් විය යුතුව ඇතැයි අද (28) ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ සඳහන් කළහ. මහා සංඝරත්නය එම යුග පෙළහර බණින් හෝ අණින් සිදුකරනවා.. දේශපාලනඥයන්ට අණ කළ යුත්තේ වරදක් ඇත්නම් එය නිවරදි කර ගැනීමටයි. එය භික්ෂුවගේ සමාජ සත්කාරයක් යැයි කී අනුනායක හිමියන් තවදුරටත් මෙසේ සඳහන් කළහ. දේශපාලන වේදිකාවේ මේ දිනවල ඇසෙන අර්ථයක්…
Read MoreMonth: July 2020
ඡන්ද කාලය තුල මාධ්‍ය ආයතන වලට වාසි පිට වාසි!
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා ව්‍යාපාරික මාධ්‍ය ආයතන විසින් දැන්වීම් ප්‍රචාරය සඳහා අයකරන ගාස්තුව මෙවර මහ මැතිවරණය සමයේ දෙගුණයකටත් වඩා ඉහල දමා ඇති ආකාරය අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. ඒ සමගම ප්‍රධාන දේශපාලන පක්ෂ ඡන්ද ලබා ගැනීම සඳහා කෝටි ගණනින් වියදම් කර ඇත. භාෂා තුනෙන් පළවන පුවත්පත් තුනක්, රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය වන රූපවාහිනී නාලිකා තුනක් හා ගුවන් විදුලි නාලිකා තුනක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදු කර ඇත්තේ වෙරිටේ පර්යේෂණ ආයතනය විසිනි. එම වාර්තාවේ දැක්වෙන පරිදි පුවත්පත්, රූපවාහිනී සහ ගුවන් විදුලිය යන ජන මාධ්‍ය තුන අතුරින් වැඩිම…
Read Moreපොලීසියේ රෙදි ගලවන පොහොට්ටුවේ ඔක්සිජන් වියතා ගැන චමීර පෙරේරාගෙන්
ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින්!
ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 28 ක් මේ වන විට වින්දිතයින් බවට පත්ව ඇති අතර ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය වංචාවට ලක් වු පුද්ගලයින් 204 දෙනෙකු මේ වන විට සියදිවි නසාගෙන ඇතැයිද එම ව්‍යාපාරය පවසා සිටියි. ශ්‍රි ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ මුල්‍ය සමාගම් හතරක් පමණක් අනෙකුත් සියලුම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ සමාගම් හෝ වෙනත් පනත් වලින් බවද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. එම ව්‍යාපාරය මෙම කරුණු පිලිබඳ…
Read More“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස
මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි නේද කියලා. මොකද ලංකාවේ ෆිල්ම් එකක් කරනවට වඩා ඒක පෙන්නලා, අඩුම ෆිල්ම් එක හදන්න ගිය ගානවත් කවර් කරගන්න එක හරිම අමාරු වැඩක්. කොහොම හරි අන්තිමට කොරෝනා නිසා ඇවිලෙන සුලුයි නිවිලා ගියා. ඔන්න දැන් ආයිත් ඇවිලෙන්න පටන් අරගෙන. ඉතිං මේ ඇවිලීමට පෙට්‍රල් චුට්ටක් විසිකරන්න හිතුවා. චින්තන ඔයාගේ ෆිල්ම් එකට, අද ලංකාවේ සමාජයේ තිබෙන ත්‍රාසය එක්ක හැප්පෙන්න…
Read More“TNA එකේ පෙඩරල් මතවාදය සමඟ කිසිඳූ එකඟතාවයක් නෑ, නිරුවතින් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” : පාඨලී-මහින්දට කියයි!
“නිරුවතින් හිඳ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” – පාඨලී මහින්දට කියයි
සමගි ජන බලවේගය කිසිඳු අයුරකින් දෙමල ජාතික සන්ධානය (TNA) සමඟ ෆෙඩරල් එකඟතාවයකට ගිවිසුම් නොගැසූ බවත්, තම පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලිවම ඒකීය රාජ්‍යක් සඳහා බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පවසයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දෙමල ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කියවා නැති බවත්, තමන් නිරුවතින් වීදුරු ගෙවල් වල සිටන් ගැසීම නොකරන ලෙසත් එහිදී අවධාරණය කළේය. බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා LTTE සංවිධානයේ කටයුතු කල නායකයින් සමඟ ගනු දෙනු කරමින් එම පිරිස් හට තම දේශපාලන පක්ෂයේ තනතුරු පවා පිරිනමමින්, 1200 ට අධික…
Read Moreමෙවරත් ඇත්තේ “රට මුදා ගැනීමට අවසන් හා එකම අවස්ථාව” යැයි අමුණුගම කියයි!
රට සංවර්ධනය කරා ගෙන යාමට මෙන්ම පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට පවතින අවසන් හා එකම අවස්ථාව මෙය බවත් ඒ අවස්ථාවට උදාකර ගත හැකි එකම නායකත්වය වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ආචාර්ය සරත් අමුණුගම මහතා ජන හමුවකට එක්වෙමින් ඊයේ (27) ප්‍රකාශ කළේය. මෙරට දුම්රියක් ගමන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තුන්වරක් විසිල් නාද කරනවා. පළමු විසිලය නාද කළ පසු මගීන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නවා. දෙවන විසිලය නාද කරන්නේ දුම්රිය ගමන් කිරීමට සූදානම් වීම සහ තුන්වන විසිලය නාද කිරීමෙන් ගමන් ආරම්භ කරනවා. අපේ රට අද පවතින්නේ තුන්වන අවස්ථාවේයි. රනිල් වික්‍රමසිංහ මහතාට විසිල් ගහන්න තබා…
Read More1929 අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පැමිණිලි 550,000 ක් – ආරක්ෂක ලේකම් හෙළි කරයි.
රියැලිටි ෂෝ වලදී දරුවන්ට සිදුවන අපයෝජන සිදුවීම හෙළිදරව් වීම සම්බන්ධයෙන් පසුව ආරක්ෂක ලේකම් මේජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැඩි ලෙස අවධානය අවධානය යොමු කොට තිබේ. ඔහු ඊයේ දින වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැස් කර දරුවන්ගේ තත්ත්වය ගැන සොයා බලා ඇත. ඒහිදි හෙළිදරව් වී ඇත්තේ 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47, 177 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවය. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවද වාර්තා වේ. “සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය…
Read Moreඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි
රට ඇත්තේ පියවා ගත හැකි නොහැකි ණය කන්දරාවක බව මේ රටේ සැවෝම දන්නා කරුණකි. ඒ නිසාම එය මේ වන විට දේශපාලන වේදිකාවල රසවත් මාතෘකා බවටද පත්ව ඇති අයුරු දැක ගත හැකිය. ඇතමෙකු මෙය විහිලුවට, උපහාසයට ලක් කරද්දී තවකෙකු එය ගැඹුරින් විග්රහ කරනු දැකිය හැකිය. ණය ගැන කථා කරද්දී පහුගිය කාලයේ ඇසුනු කථාවක් වුයේ රජය අලුතින් මුදල් අච්චු ගැසු බවය. එහෙත් දැන් ඒ කථා යටපත් වී ගොස් අලුත් කථාවක් නැවත කරළියට පැමිණ තිබේ. ඒ රජය ඇමරිකානු බැංකුවෙන් බිලියනක ණයක් ගත් බවය. සැබවින්ම අප තවත් රට රට වලින් ණය අරන් ණය කන්දරාව…
Read More