ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි.

තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

එම කරුණු මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

 

Social Sharing
නවතම