කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ

 

අද(24) අධිකරණ නියෝගයක් මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් ගේ විදෙස් ගමන් තහනම ලබන 15 දක්වා දීර්ඝ කර ඇත.

ඒ , කීර්ති ‍තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි.‍

පසුගිය මස 26 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද ( 24) දින දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ ය.

රට මෙවන් ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදකවුයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ගත් තීන්දු තීරණ නිසා බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කීර්ති තෙන්නකෝන් මහතා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණ.

 

Social Sharing
නවතම