ගෝඨාභයට උසාවි එන්න කියයි

gotabaya

එළඹෙන දෙසැම්බර් 16 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කොට ඇතැයි වාර්තා වෙයි.

ඒ මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ජනාධිපති සමාව ලබාදීමට ගත තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙනි.

එමෙන්ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවට වගඋත්තරකරුවකු ලෙස ඇතුලත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.
-නිව්ස්පීඩියා-

Social Sharing
නවතම පුවත්