රුපියල අවදානම් ඇති මුදල් ඒකක ගොඩට

ශ්‍රී ලංකා රුපියල ලෝකයේ ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක 7 ඇතුලට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය සමාගමක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ ජපානයේ නොමුරා මුල්‍ය සමාගමයි.

විදේශ විනිමය සංචිත, පොලී අනුපාත ඇතුළු කාරණා අටක් සැලකිල්ලට ගෙන මෙම රටවල මුදල් ඒකක අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් ඇතැයි සමාගම අනතුරු අඟවා සිටී.

ඒ ආකාරයෙන් මූල්‍ය ඒකක අවදානම පවතින රටවල් ලෙස නම් කර ඇත්තේ ඊජිප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පකිස්ථානය, හන්ගේරියාව හා ශ්‍රී ලංකාවයි.

අදාළ වාර්තාව මෙතැනින්

 

(newspedia)

Social Sharing
නවතම