පාස්කු ප්‍රහාරය කලේ ගෝඨා ට චන්දෙ ගන්න – චන්ද්‍රිකා

2019 පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ(23) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

ඇය එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද භාරගත යුතු බවයි..

තව ද පාස්කු ප්‍රහාරයේ සුලමුල අධිකරණය යුක්ති සහගත ලෙස විසදනු ඇතැයි ඇය විශ්වාස කරන බව ද හිටපු ජනාධිපතිනි පවසා ඇත.

එසේම ඇය පවසන්නේ රාජපක්ෂවරු තම රෙජිමයේ බලය වැඩි කිරීමට මේ වන විට නිදහස් පක්ෂය කොල්ලකමින් සිටින බවයි.

Social Sharing
නවතම