සිරිධම්ම හිමි නිදහස් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට ආසන්න කාලයක් රඳවාගෙන සිටි පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර ඇත.

උන්වහන්සේ මෙලෙස මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය. මෙම හිමියන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් අතර ඔවුන් විශාල කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකර තබන ලදී.

මෙම දෙදෙනා වෙනුවෙන් විශාල ජනතා හඬක් නැඟුන අතර එහි ප්‍රථිපලයක් ලෙස ආණ්ඩුවට මෙම තීරණයට එන්නට සිදුවී ඇත.

Social Sharing
නවතම පුවත්