ගුරුවරියන් පහසු ඇදුමෙන් අද පාසලට

දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින්සැරසී පාසල්වෙත පැමිණ ඇත.

වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන්සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබිණි.

රට තුළ පවතින ආර්ථික ගැටලු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවත්, රාජ්‍යසේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරඇති නිසා එම අවසරය මත මෙම පියවර ගත් බවත් ඔවුන් `ඳහන් කර තිබිණි.

එසේ පැමිණි තමන්ව සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බව එම ගුරුවරියන් සඳහන් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට සාරිය වෙනුවට වෙනත් සුදුසු වෙනත්ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩදෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙරඉල්ලීමක් කර තිබූ අතර එයට ඇතැම් පුද්ගලයන්ගේ විරෝධය පළ කර තිබිණි.

(Newspedia)

Social Sharing
නවතම