අයින්ස්ටයින් තරම් දක්ෂ ලංකාවේ අරියානා

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත IQ මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමයි.

මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ බ්‍රිතාන්‍යයේ Huddersfield හි පදිංචිව සිටින 10 හැවිරිදි අරියානා දඹරව හේවගේ නමැති දැරියයි.

ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබේ.

Huddersfield හි St Patrick’s කතෝලික පාසලේ අධ්‍යාපනය හදාරණ අරියානා පසුගිය දිනක Mensa IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගැනීමට සමත්ව තිබේ.

 

(newspedia)

Social Sharing
නවතම