පිල්ලයානුත් හෙට මඟුල් මඩුවට?

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් TMVP පක්ෂයේ  හිටපු නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයියන්ට හෙට (12) මහනුවර, දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී  පැවැත්වෙන නව රජයේ කැබිනට් මණ්ඩලයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ.

මඩකපුව දිස්ත්‍රික්කයට පමණක් තරඟ කර ක් මන්ත්‍රි අසුනක් පමණක් හිමිකර ගත් මෙම පක්ෂය නව රජයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ. ඔහු මෙවර මහ මැතිවරණයෙන්  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප 54198 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

කෙසේ නමුදු , පිල්ලෙයියන්ට ලබා දෙන අමාත්‍යාංශ වගකීම කුමක්ද, ඔහුට කැබිනට් නිලය හෝ කැබිනට් නොවන තනතුර ලබා දෙනු ඇත්ද? යන්න මෙතෙක් නොදන්නා බව පිල්ලෙයාන්ගේ සමීපතයින් පවසන බව ටුඩේ ජැෆ්නා වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් ඒම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට පිල්ලෙයියන්ගේ පක්ෂය පෙන්වා දෙන්නේ මැතිවරණයට පෙර පොදු පෙරමුණ තම පක්ෂයට අමාත්‍ය ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවය.

හිටපු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාසසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින පිල්ලෙයියන්  හෙට දින මහනුවර පැවැත්වීමට නියමිත කැබිනට් සමාරම්භක උළෙලට සහභාගී වීමට පිල්ලයාන්ට නීතිමය අවසරය ලබා දීම සම්බන්ධයෙන් ඊයේ කොළඹදී සාකච්ඡා පැවැත්වුණු බවද පැවසේ.

පිල්ලයාන්ට එරෙහිව නීතිපතිවරයා මේ වන විටත් මඩකලපුවේ මහාධිකරණයේ චෝදනා පත්‍රයක් ගොනු කර තිබීම විශේෂත්වයකි.

அமைச்சுப்பதவியை பொறுப்பேற்குமாறு பிள்ளையானுக்கு அழைப்பு!

Social Sharing
නවතම